අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන ආයතනයන්හි සභාපතිවරු හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්

අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන ආයතනයන්හි සභාපතිවරු හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පසුගියදා අනුරාධපුර දී සිදුවිය.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන ආයතන මුහුණපාන ගැටලු, මහජන සේවාවන් සැපයීම සඳහා ඒ තුළින් ඇතිවන දුෂ්කරතා පිළිබඳ සභාපතිවරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.
රජය විසින් ක්‍රියාත්මක ග්‍රාමීය අර්ථිකය නැංවීමේ වැඩසටහන් සඳහා පළාත් පාලන ආයතනන්හි දායකත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, යදාමිණි ගුණවර්ධන, හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් යන අය මෙම අවස්ථාවට එක්විය.