නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (Pefferal) හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් 2022.12.05 දින පාර්ලිමේන්තු දී සිදුවිය.

මැතිවරණ ක්‍රම, මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු, යෝජිත සංශෝධන, ජනතාවට වගකියන මහජන නියෝජිතයෙකු බිහිකිරීම, තරුණ කාන්තා නියෝජනය, මැතිවරණ අපේක්ෂක වියදම් පාලනය ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා විය.

Pefferal සභාපති රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු සංවිධාන නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්විය