රටේ අනාගත පරපුර නව පරිච්ඡේදයකට ගෙනයන්නට රජයකට, ව්‍යවස්ථාවකට, පනතකට පමණක් සීමානොවී කටයුතු කලයුතුයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

රටේ අනාගත පරපුර නව පරිච්ඡේදයකට ගෙනයන්නට රජයකට, ව්‍යවස්ථාවකට, පනතකට පමණක් සීමානොවී කටයුතු කලයුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2022.11.17 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අමතමනි.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ප්‍රගුණ කල අනාගත පරපුරක් තුලින් විවිධත්වය අගයකරන දරු පරපුරක් බිහිකිරීම වර්තමාන පරම්පරාවේ ප්‍රමුඛ වගකීමකි.

හතලිස් දෙලක්ෂයක් වන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සාහිත්‍යයෙන් පෝෂණය කීරිම සඳහා සෑම පාසලකටම සාහිත්‍ය පුස්තකාලයක් වැදගත්වන අතර නව තොරතුරු තාක්ෂණය පුස්තකාල පද්ධතියට එක්කර ගනිමින් දරුවන්ගේ දැනුම පෝෂණය කීරිම සදහා පියවර ගැනීම ද ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙවර ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 235 ක් නියෝජනය කරමින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සම්මාන සහතිකපත් ලැබීය.

මෙම අවස්ථාවට අචාර්ය පූජ්‍ය පාතේගම ඥානීස්සර හිමි, පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, සුනිල් සරත් පෙරේරා, බුද්ධදාස ගලප්පත්ති,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරිනී ගමගේ ඇතුලු සාහිත්‍යවේදීන් මෙන්ම කලාකරුවන් රැසක් එකව සිටියහ.