දිවයින පුරා වන ආපදා තත්වයන් තුළින් අගතියට හා අපහසුතාවයට පත්වූ ජනතාවට සහන සැලසීම හා ආරක්ෂා කිරීම.

දිවයින පුරා වන ආපදා තත්වයන් තුළින් අගතියට හා අපහසුතාවයට පත්වූ ජනතාවට සහන සැලසීම, ආරක්ෂා කිරීම පිළිබඳව විශේෂ විපරම් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.08.05 දින ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිදු විය.
"මෙතෙක් ආපදාවට පත් වූවන්ට කඩිනම් සහන සැලසීම, තාවකාලික සහ ස්ථිර පදිංචි කිරීම්, මහජන ජීවිත සුරක්ෂිත කිරීම, දේපල ආරක්ෂා කරගත හැකි හා ඉතිරි කරගත හැකි සෑම ක්‍රියාදාමයක් ම ගැනීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ, සහ අතිරේක ලේකම්වරුන්, ආපදා කළමකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහභාගි වූ අතර, ආපදාවට ලක් වූ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් zoom තාක්ෂණය ඔස්සේ සහභාගි විය.