අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබාගනී.

අභිනව පත්වීමෙන් පසු 2022.07.31 දින මහනුවරට ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක ස්වාමීන් වහන්සේ , අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහනායක ස්වාමීන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය හමුවී ආශිර්වාද ලබාගත්තේය.

එම අවස්ථාවන්ට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ, සිසිර ජයකොඩි, දිලුම් අමුණුගම, වසන්ත යාපා බණ්ඩාර, යදාමිණි ගුණවර්ධන, උදයන කිරිඳිගොඩ, මහනුවර පුරපති කේසර සේනානායක ඇතුළු මහජන නියෝජිතයින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක් විය .