නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා පලමු නිදහස් දින අඹ පැළයක් රෝපණය කළ කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ දී වත්මන් අග්‍රාමාත්‍යවරයා ගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවයක්.

1948 පෙබරවාරි මස 4 වැනි දින නිදහස ලැබීමෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතා මෙම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් සිදු කොට අඹ පැළයක් රෝපණය කොට තිබේ. එතැන් සිට මේ දක්වා සෑම වර්ෂයකම මෙම නිදහස් දින සැමරුම ජනාධිපතිවරුන්ගේ සහ අග්‍රාමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අඛණ්ඩව සිදු කර ඇත.

මෙවර 75 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගි වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව ඩී. එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වා නා පැළයක් රෝපණය කළේය.