අධිරාජ්‍යවාදීන් රාජ සන්තක කළ උඩරට කැරැල්ලේ විරුවන්ගේ දේපල අයිතිය පිළිබඳ නැවත අවධානයට යොමුකරනවා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි බැහැදුටු අවස්ථාවේදීය.

ඒ පිළිබඳව මහනාහිමිවරුන් හමුවේ කරුණු දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

උඩරට කැරැල්ලේ විරුවන්ගේ හා සම්බන්ධ අයගේ ඉඩම් එදවස සුදු අධිරාජ්‍යවාදීන් රාජ සන්තක කොට තිබීම නිසා පසු කාලීනව ඔවුන්ගේ දරු මුණුපුරන්ට ඒවා අහිමි වීම් හා ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුව ඇති බැවින් ඒවා හැකි ආකාරයෙන් නැවත නිරවුල් කිරීම පිළිබඳව සැලසුම් කරනවා.

උඩරට ගැමි කොමිෂන් සභාවක් පත් කරලා උඩරට ජනතාවට විදේශීය පාලනයක් තුළ මුහුණ දුන්නු අසාධාරණය න් කොමිෂන් සභාවේ වාර්තා කළා. එතැන් පටන් ඒ වාර්තාවේ කරුණු සාර්ථකව ක්‍රියාත්මක කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ පසුගිය සෑම රජයක්ම ඉස්සරහට ගෙන ආ අතර කොමිෂන් සභාව විවිධ අලුත් ආයතන ඇති කළත් ඊට විසඳුමක් තවමත් සම්පූර්ණ වී නැහැ. ඒලෙස නිවැරදි නොවුණු කොටස නිවැරදි කර දීම සඳහා සාකච්ඡා ආරම්භ කරනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.