පලස්තීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සමුගැනීමේ හමුවකට එක් වෙයි ...

පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සයිඩ් (Zuhair M. H. Zaid) 2024.08. 22 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සමුගැනීමේ හමුවකට එක් විය.

පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳ ව ඔහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාව තව දුරටත් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය