නේපාල අග්‍රාමාත්‍යවරයා ලෙස යළි තේරී පත්වූ පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal)මහතා වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුභ පැතුම් එක්කරයි.

නේපාල අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් පත්වීම සම්බන්ධයෙන් පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal) මහතා වෙත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හෘදයාංගම සුභ පැතුම් එක් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුභ පැතුම් සංදේශයක් යොමු කරමින් කියා සිටියි.

දකුණු ආසියානු අසල්වැසියන් ලෙස ශ්‍රී ලංකාවත් නේපාලයත් ගැඹුරු මිත්‍රත්වයෙන් හා සමීප සබඳතා තහවුරු කර කරගනිමින් වත්මන් අභියෝග ජය ගැනීමට සහ සහයෝගිතාව සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමට එක්ව කැප වී සිටියි.

පොදු ආගමික සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වල පදනම මත ගොඩනගාගෙන ඇති ශක්තිමත් දිගු කාලීන ද්විපාර්ශවීය සබඳතා තව දුරටත් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා සිය සංදේශයේ වැඩිදුරටත් සඳහන් කරයි.