ආර්ථික පුනර්ජීවනයට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අවශ්‍යයි.......... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ආර්ථික පුනර්ජීවනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීයභාවය ඉහළ නැංවීය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ institute of supply and material management ආයතනයේ පනස්වෙනි වැනි සංවත්සරය නිමිත්තෙන් අද ( 2022.10.24) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිණි. සැපයුම් ජාලය සම්බන්ධයෙන් තරුණ තරුණියන්ට අවශ්‍ය වෘත්තීය විශේෂඥතාවය ලබාදෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා මෙම ආයතනය සපයන දායකත්වය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

සැපයුම් දාමය වැඩිදියුණු කිරීමේ නව ක්‍රමවේද ගවේෂණය කරන ලෙස එම ජාත්‍යන්තර සම්මේලනයට එක් වූ විද්වතුන්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටි අග්‍රාමාත්‍යවරයා සැපයුම්දාම කළමනාකරණය විෂයයක් ලෙස හැදෑරීමට යොමුවීම ද අගය කලේය.

මෙම ආයතනය මගින් පුහුණුව ලැබූ අය ලොව පිළිගත් සංවිධානවල ඉහළ තනතුරු හොබවමින් එම ආයතන නගා සිටුවීමට සිය දායකකත්වය ලබා දෙන බවද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා නව්‍ය සහ තිරසාර විසඳුම් හරහා මෙරට ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන්ගේ දායකත්වය බලාපොරොත්තුවන බව පැවසීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට ,ISMM සභාපති සරත් ගමගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.