ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම්.

"ශ්‍රී ලංකාව අද ජාත්‍යන්තර ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඒ ප්‍රධාන ක්‍රීඩා ඉසව් දෙකක ආසියානු කුසලාන ශ්‍රී ලංකාව සතු කර ගනිමිනි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා දී එම ජයග්‍රහණය වාර්තා කළේ මාතෘ භූමියට ඉමහත් කීර්තියක් ගෙන දෙමිනි. පළමු තරඟය පරාජයේ අත්දැකීම් ගෙන ඉන්පසු සියලු තරග ජයගත්තේ ඔවුන් සතු වූ දැඩි අධිෂ්ඨානය හා ආත්ම ශක්තිය බව මාගේ හැඟීමයි. ඒ සඳහා වූ කණ්ඩායම් හැඟීම, එකමුතුකම, කැපවීම මෙම විශිෂ්ට ජයග්‍රහණය මාතෘ භූමියට අත්කර දී ඇත.
ඕනෑම දුෂ්කර අවදියක් සංයමයෙන් පසුකර පරාජය කිරීමට ශ්‍රී ලංකාවට සැමදා හැකිය.
මෙම ජයග්‍රහණය මාතෘභූමියට අත්කරදුන් ක්‍රීඩකයින්ට සුභාෂිංසන එක් කරමින්, ඒ සඳහා වූ අවශ්‍ය ශක්තිය හා මගපෙන්වීම ලබාදුන් පුහුණුකරුවන්ට, කළමනාකාරීත්වයට හා පරිපාලනයට ස්තුතිය පළ කරමි."

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය