බුද්ධ ශාසන අරමුදල රැස්වේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන අරමුදලේ සාමාජිකයෝ 2023.03.24 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වුහ.

මෙහිදී බුද්ධ ශාසන අරමුදලේ වත්මන් තත්වය, පසුවිපරම හා ප්‍රගතිය පිළිබඳ පිරික්සින.

එමෙන්ම බුද්ධ ශාසනයේ, භික්ෂූන් වහන්සේගේ, විහාරස්ථාන ඇතුළු බෞද්ධ සිද්ධස්ථානයන්හි උන්නතිය වෙනුවෙන් වන මතු යෝජනා පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, වැඩ බලන මහ භාරකාර . එම්. නාලිකා, රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක ආර්.ඒ.එල්. උදය කුමාර යන කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්වුහ.