ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පතේ 150 වන සංවත්සරය

ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පතේ 150 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ සමරු තැපැල්පත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් 2022.09.01 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වන ලදි.

1872 වර්ෂයේ සැප්තැම්බර් 01 වන දින ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පත නිකුත්කල බවට සඳහන් වේ. එය ශත දෙකක වටිනාකමින් යුතු මුද්දරය වික්ටෝරියා රැජිනගේ උඩුකය රූපයක් මගින් සටහන් කර ඇත.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චමල් රාජපක්ෂ, ගරු යදාමිණි ගුණවර්ධන, ගරු මුදිතා ද සොයිසා, වෛද්‍ය ගරු ගයාශාන් නවනන්දන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, තැපැල්පති රංජිත් ආරියරත්න යන අය එක්විය.