ධර්ම ශක්ති පූජා සහෝදරත්වයේ වෙසක් මංගල්‍යය මෙවර මඩකලපුවේදී..

ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ සංවිධායකත්වයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා මඩකලපුව සිවිල් සංවිධාන සහයෝගයෙන් ධර්ම ශක්ති පූජා සහෝදරත්වයේ වෙසක් මංගල්‍යය මෙවර මඩකලපුවේදී පැවැත්වේ.

ඒ වෙනුවෙන් කොළඹ සිට මඩකලපුව දක්වා සර්වඤ ධාතූන් වහසේලා වැඩමවන පෙරහැර අද (2024.05.14) පොල්වත්ත ධරිමකිර්ත්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලැබ අතර අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවට වැඩමවා ප්‍රදර්ශනය කොට මඩකළපුව දක්වා පිටත්විය.

ලබන 23, 24 දෙදින සර්වඤ ධාතූන් වහසේලා වන්දනාමාන කර ගැනීම, මඩකලපුව නගරයේදී සීල සමාදාන වැඩසටහන, වෙසක් තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශනය, දන්සැල් හා සඳහම් ගී සරණිය, චිත්‍ර ප්‍රදර්ශනය, පුරාවිද්‍යා ප්‍රදර්ශනය සහ අවසන් දින (24) ධර්ම ශක්ති පූජා ප්‍රණාමාභිවන්දනා උත්සවය ද පැවැත්වේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අරලියගහ මන්දිරයේදී සර්වඤ ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමට එක් වූ අතර රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පූජ්‍ය හෑගොඩ විපස්සී හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර හිමි, ඇතුළු මහා සංඝරත්නය, ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු බෝධි නන්ද ගුණතිලක ඇතුළු දායක දායිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය