ගෝලීය ආර්ථික අර්බුදය ජයග්‍රහණයේ විශාල අවස්ථාවන් බවට පරිවර්තනය කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තරුණ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ 2023.03.10 කොළඹ පැවති තරුණ ලාංකීය ව්‍යවසායකයින්ගේ (COYLE) මණ්ඩලය අමතමිනි.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔබ සැම තරුණ ලාංකීය ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ අද මේ මොහොතේ සිටීම ගැන ප්‍රශංසා කරනවා.

මූල්‍ය සාකච්ඡා සාර්ථක වීමත් සමඟ ගෝලීය අර්බුදය ජයග්‍රහණයේ විශාල අවස්ථාවන් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන් විසින් ඔප්පු කර තිබෙනවා .

සම්පූර්ණ ආර්ථික අර්බුදයකදී, ඔබගෙන් බොහෝ දෙනෙකුට ලෝකයේ වෙනත් ඕනෑම තැනකට යන්න තිබුනා.

නමුත් රටට සහ එහි ජනතාවට උපකාර කරන ව්‍යාපාර සහ කර්මාන්ත කරන ව්‍යවසායකයින් විදිහට ඔබ දැන් මෙහි සිටින්නේ අපගේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාව කෙරෙහි ආදරයක් සහ විශ්වාසයක් සහිතවයි.

ශ්‍රී ලංකාව ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රවල මුහුණ දී සිටින ජාතික ප්‍රශ්න විසඳීමේ රජයේ ප්‍රයත්නයන්ට සහාය වීමට COYLE සංවිධානය දරන උත්සාහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය පළ කළේය.

"ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන දිනා ගනිමින් අපේ රටට ගෞරවයක් ගෙන ඒමට දායක වූ තරුණ හා ජවසම්පන්න ව්‍යවසායකයින් සහ සාමාජිකයින් පිරිසක් සමඟ සිටීම ගැන අපි අතිශයින් ආඩම්බර වෙනවා."

රජය අත්‍යවශ්‍ය සහ කල්දැමූ ප්‍රතිසංස්කරණ හරහා ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් ඔහු, මෙමගින් පුද්ගලික අංශය කෙරෙහි වැඩි විශ්වාසයක් සහ වැඩි අවස්ථාවක් ඉතිරි වන බව පැවසීය. උදාහරණයක් ලෙස, අපගේ පුද්ගලික අංශය රාජ්‍යයට වඩා ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාමේ දී වඩා හොඳ බව ඔප්පු කර තිබෙනවා.

ලෝකයේ අගනගරවල පමණක් නොව, කාර්යබහුල ආර්ථික මධ්‍යස්ථාන වල විශාල අත්‍යවශ්‍ය ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය ලබා දීමට COYLE සංවිධානය රජයට සහය වන බව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ආකාරයටම හෙට සිට ඉදිරි වසර 25 සංවර්ධිත රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අපි සැමට ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ඇමරිකානු තානාපතිනි Julie Chung මහත්මිය සහභාගී විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, හිටපු සභාපතිවරුන් සහ වත්මන් සභාපතිවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් ඇතුළු COYLE සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.