වියට්නාම තානාපතිවරිය මෙරටින් සමුගනී...

සිය සේවා කාළය නිම කළ වියට්නාම තානාපති තී තාහ් තෘක් (Thi Thanh Truc) මහත්මිය 2024.06.07 දින කොළඹ, අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සිය සමුගැනීම සනිටුහන් කළේය.

ඇයගේ ධුර කාලය තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ලබාදුන් දායකත්වය පිළිබඳව ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා ඇයගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය