ආර්ට් ඔෆ් ලිවින්ග් පදනමේ නිර්මාතෘ ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවිශංකර් අද (2024.05.18) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ය.

තරුණ තරුණියන්ගේ කුසලතා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ගාස්තු රහිත අධ්‍යාපන මධ්‍යස්ථාන පිහිටුවීමට තම පදනම සැලසුම් කරන බව ගුරුදේව් පැවසී ය.

ආයුර්වේද පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට ද ඔහු කැමැත්ත පළ කළේ ය. පදනම විසින් මඩකලපුවේ සහ වැල්ලවායේ ළමා නිවාස දෙකක් ස්ථාපනය කර ඇත.

මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත වීරසිංහ, යදාමිණි ගුණවර්ධන, ආචාර්ය එන්. රාමනුජම්, විනෝද් මුණසිංහ, මධු රාඕ සහ ආර්ට් ඔෆ් ලිවිං පදනමේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයෝ එක් ව සිටිය හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය