’ජාතික සමගියට’

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ සිංහල අකුරු සහ දෙමළ අකුරු ග්‍රන්ථ ද්විත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජාත්‍යන්තර මව්භාෂා දිනය නිමිත්තෙන් 2023.02.21 දින පාර්ලිමේන්තුවේ දී පිළිගැන්වීය.

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට මෙම ග්‍රන්ථ ලබාදී ඇත. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ද එක්විය.