රාජ්‍ය වෙසක් උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ..

රාජ්‍ය වෙසක් උත්සවය හලාවත කැබැල්ලව රත්නසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.04 දින ආරම්භ විය.

සමරු මුද්දර හතරක් නිකුත් කිරීම, ප්‍රකාශයට පත් කළ පූජාභූමි හයක සන්නස්පත්‍ර බෙදාදීම ඇතුළු වැඩසටහන් රාශියක් මෙහිදී සිදුවිය.

ත්‍රයිනිකායික මහ සඟරුවන, මැති ඇමතිවරු, තානාපතිවරු, සැදැවතුන් රාශියක් මෙම අවස්ථාවට එක් විය.