හැමිල්ටන් ඇළ පාරිසරික වටිනාකම් සුරකිමින්, පොදු ප්‍රවාහනයට හා සංචාරක ව්‍යාපාරයට...

අතීත ඕලන්ද පාලනය විසින් වයඹ පළාතේ සිට බස්නාහිර පළාතේ, කොළඹ කැලණි නදිය දක්වා හැමිල්ටන් ඇල නිර්මාණය කරමින් වෙළෙඳ හා වෙනත් ප්‍රවාහන අවශ්‍යතා රැසක් සඳහා යොදාගත්තේය.

ඕලන්ද ඇල ප්‍රතිසංස්කරණය කිරීමට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ඉල්ලීම මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ලක්‍ෂ දෙසීයක ප්‍රතිපාදන ආරම්භය සඳහා වෙන්කොට ඇත.

පොදු මගී ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය, අතරමැදි තොටුපොල ආහාර අවන්හල්, විවේක ස්ථාන මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය.

පළාත් සභාව, ඇළ ආශ්‍රිත ප්‍රදේශවල පළාත් පාලන ආයතන මෙම ව්‍යාපෘති සංවර්ධනය සඳහා සම්බන්ධ කෙරේ.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ආරාධනයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඕලන්ද ඇල නිරීක්ෂණයට අද (2024.07.08) නාත්තන්ඩියේදී එක්වූ අවස්ථාව.

වයඹ පළාත් ආණ්ඩුකාර නසිර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය අරන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්න, අලි ශබ්රි රහීම්, ජගත් ප්‍රියන්ත, සමන් ප්‍රිය හේරත්, යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, පුත්තලම දිසාපති එච්.එම්. හේරත් යන අය මෙම අවස්ථාවට එක් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය