දළදා වහන්සේගේ පූජනීයත්වය, සම්භාවනීයත්වය, දේශපාලන,
ආර්ථික, සමාජීය සංකල්ප, චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංග කෙරෙහි දළදා වහන්සේ සම්බන්ධ වන ආකාරය මෙම ග්‍රන්ථයේ සදහන් වේ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් පිරිස පංචශීලයේ පිහිටුවූ අතර,
මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය නියංගොඩ විජිතසිරි හිමියන් පැවදි අනුශාසනාව සිදුකළේය.
මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර, මහාචාර්ය අනුර මනතුංග දෙසුම් සිදුකල අතර කෝට්ටේ නාග විහාරයේ, පූජ්‍ය කොටහේනේ නාරද හිමියන් අරමුණ පැහැදිලි කිරීම සිදු කළේය.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක කුරුනෑගල ඇත්කඳ රජමහ විහාරාධිපති ආචාර්ය ආණමඩුවේ ධම්මදස්සි හිමි,
ප්‍රමුඛ මහා සංඝරත්නය,
බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, දියවඩන නිලමේ නිලංග දෑල, තානාපතිවරු, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, බස්නායක නිලමේවරු, විද්වතුන්, ඇතුළු ආරාධිත පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ.