අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහාබෝධි විහාරස්ථානයේ දී සැරියුත් මුගලන් මහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් මහා බෝධි සමාගම විසින් සංවිධානය කොට තිබූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය 2023.05.05 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට අග්‍රශ්‍රාවක විහාරාධිපති, මහා බෝධි සමාගමේ සභාපති බානගල උපතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ, බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ දායක දායිකාවන් රැසක් සහභාගී විය.