අරලියගහ මැදුර සංවිධානය කරන ’ධර්මදීපනී’ පෝදා වැඩසටහන අරඹමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැළණි රජමහා විහාරය වැඳ පුදා ගනී

අරලියගහ මැදුර සංවිධානය කරන ’ධර්මදීපනී’ පෝදා වැඩසටහන අරඹමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැළණි රජමහා විහාරය වැඳ පුදා කැළණි රජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද ධම්මරක්ඛිත නා හිමියන්ගේ ආශිර්වාදයෙන් ධාතුමන්දිර තේවාවට සහභාගී විය.

අනතුරුව අරලියගහ මන්දිරයේ සිට කොල්ලුපිටිය වාළුකාරාමය වෙත මල් පෙරහරකින් පැමිණි සැදැහැවතුන්, ඓතිහාසික රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනය ශ්‍රවණය කළේය.

අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මහ දිසාපති, අග්‍රාමාත්‍ය කාර්යාල කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවන්ට සහභාගී විය.

’ධර්ම දීපනී’ සජීවී රූපවාහිනි විකාශනයේ බැතිබර දායකත්වය මැලිබන් සමාගම