පොසොන් පොහොය දින පණිවුඩය

නිර්මල බුදු දහම රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයාගේ සුවිශේෂි දිනයකි.

කෘෂිකාර්මික අර්ථක්‍රමයෙන් පෝෂිත ලංකා ජන සමාජය බුදුදහමේ පණිවුඩය සමඟ සත්‍යයේ දර්ශනයෙන් විද්‍යාත්මකව ඒකාලෝක විණි.

එදා චුල්ලහත්ථි පදෝපම සූත්‍ර දේශනාවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළාක් මෙන් මනා සංයමයෙන් කටයුතු කිරීම සියළු දෙනාගේ යුතුකමයි.

සැබෑ සද්ධර්මය කෙසේවත් පිටුදැකිය නොහැක. සැබෑ සද්ධර්මය හදුනා ගන්නා පුද්ගලයා සකල භේදවලින් තොරව බුදු දහමේ හරය සොයා යයි. අනර්ථ සිදුවීම් උපේක්ෂාවෙන් බැහැර කොට සැබෑ බුද්ධ දර්ශනයේ හරයෙන් අප ජීවිත ආලෝකමත් කර ගනිමු.

දුරදිග සිතා බලා කටයුතු කළ යුතුව ඇති මෙවන් වකවානුවක උතුම් ගුණ ධර්ම පෙරදැරි කොටගත් සමාජයක් උදෙසා පිංබර පොසොන් පොහෝ දින පෙළ ගැසෙමු.

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට
2023 ජුනි මස 02