අලුත් අවුරුද්දේ ස්වභාවධර්මය සමග එක්ව ඉටු කරන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අපගේ අනාදිමත් උරුමයක් - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

බියගම ඓතිහාසික හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා..

"අද මුළු ජාතියම මෙම අවස්ථාව සමග එක්ව සිටි. මෙය අපගේ උරුමයක්. පරිසරය සමග එක්ව මෙවැනි සංස්කෘතික උළෙලක් පවත්වන්නේ ශ්‍රී ලාංකිකයන් පමණයි. මේ අලුත් අවුරුද්දේ මුලු මහත් ජාතියටම රටවැසි සැමටම,අනාගතය ගොඩනැගීමේ කර්තව්‍යයට උට්ඨානවීර්යය ප්‍රාර්ථනා කරනවා."

පූර්ණ රාජ්‍ය උත්සවයක් ලෙස මෙය පැවැත්වුණි.

මනස නිවැරදිව තබා ගැනීම සඳහා හිස මුල් කරගනිමින්කර ගනිමින් අලුත් අවුරුදු සංස්කෘතික මංගල්ලෙ අවසන් අදියර ලෙස මෙය සිදු කෙරේ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ආයුර්වේද ඖෂධ සංස්ථාව මෙම උත්සවය සංවිධානය කර තිබුණි. රාජා හස්තිරාජයාට හිසතෙල් ගෑම ද මෙහි දී සිදු කෙරුණි . අනතුරුව අගමැතිවරයාගේ ප්‍රධනත්වයෙන් ඖෂධීය පැල ජනතාව වෙත බෙදා දුන්නේය.

මෙම අවස්ථාවට විහාරාධිපති පූජ්‍ය වැලමිටියාවේ සීලරතන ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු ආරාධිතයින් සහ ජනතාව එක්ව සිටියහ.