අයහපතට එරෙහි යහපතට පිවිසෙමු

අයහපත නම් අඳුර පළවාහැර යහපත නම් ආලෝකය සමාජය තුල පතුරවනු වස් ලොව පුරා හින්දු බැතුමත්හු පහන් දල්වා පරිසරය ආලෝකමත් කරමින් දීපාවලී දිනය සමරයි.
භේදයට හේතු දහසක් නිර්මාණය කළ හැකිව ඇතත්, පක්ෂ, පාට, ආගම්, ජාති භේද පසෙකලා පොදු හැඟුමකින් කටයුතු කළ යුතු අවස්ථාවකට අද අප එළැඹ ඇත. දීපාවලි දිනය සමරන මේ මොහොතේ දීපාවලියේ සැබෑ අර්ථය හදවතට ධාරණය කරගනිමින් පොදු යහපත වෙනුවෙන් එකාවන්ව කටයුතු කර මේ අභියෝගාත්මක කාලය ජය ගැනීමට අදිටන් කළ යුතුව ඇත.
"අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනුම" සංකේතවත් කරන දීපාවලී සැමරුම අර්ථවත් කරමින් පෞද්ගලික ජයග්‍රහණයට වඩා පොදු අධ්‍යාත්මික ප්‍රගතිශීලී ජයග්‍රහණයකට සියලු දෙනා එක්වෙමු.

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Download Release