අග්‍රාමාත්‍යවරයා අටමස්ථානය වැඳ පුදා ගනී.

අනුරාධපුර පුද බිමට 2022.09.18 ඉරුදින පැමිණි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයන් වන්දනාමාන කරමින් නායක ස්වාමීන් වහන්සේලා සමඟ කෙටි සාකච්ඡාවන්හි නිරතවිය.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, යදාමිණි ගුණවර්ධන, අනුරාධපුර මහ දිසාපති ජනක ජයසිංහ, හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, අනුරාධපුර නගරාධිපති ජේ.එම්. සෝමදාස, අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සභාපතිවරු, මන්ත්‍රීවරු හා බැතිමතුන් රැසක් මෙම අවස්ථාවට එක්විය.