අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (පෙබ 15)අරලියගහ මන්දිරයේදී රටවල් 100කට අධික ප්‍රමාණයක වෘත්තීය සමිති එකමුතුවක් වන IndustriALL Global Union හි නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, IndustriALL Global Union හි ප්‍රධාන ලේකම් Atle Hoie , IndustriALL Global Union හි දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ සම්බන්ධීකාරක ප්‍රවීන් රාඕ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස්, FTZ&GSEU, FTZ&GSEU හි පරිපාලක සම්බන්ධීකාරක ඩිලක්සන්, NUSS සභාපති පාලිත අතුකෝරල, NUSS, රන්ජන් පෙරේරා, NUSS, ස්වස්ථිකා අරුලිංගම්, UFL සහ UF හි සුජීව අමරසිංහ යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ