රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, අගමැතිනිය හමුවෙයි.

රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

රජයේ රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.

මෙම අවස්ථාවට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ඒ.ඩී.කේ.එස්. යසවර්ධන, ලේකම් ඥානසේකරම් යන මහත්වරුන් ඇතුළු රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සමාජිකයින් පිරිසක් සහභගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය