හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සිංහල හා හිංදු අලුත් අවුරුද්දයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයක් මුලුදෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ එකම නැකතක හිද කටයුතු කරන ලොව කිසිදු රටකට අනන්‍ය නොවූ අනාදිමත් අඛණ්ඩ චාරිත්‍රයන්ට අප උරුමකම් කියමු.

සෑම විටම සැමට බත බුලතින් සරු අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු.

මෙවර රට මුහුණ දුන් ආහාර හා ආර්ථික අර්බුදය හමුවේ අලුත් අවුරුද්දේ එකී ප්‍රාර්ථනය ඉටු කරමින් අපේ ගොවි ජනතාව රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව කළ මෙහෙය මේ අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතුය.

ස්වභාව ධර්මයා සමග ගනුදෙනු කළ අපේ මුතුන් මිත්තෝ අලුත් අවුරුද්දේ එය තව තවත් යථාවත් කළෝය.

ඔවුන්ගේ දරු මුණුපුරන් වූ අපට ආහාර සුරක්ෂිතතාවය, සකසුරුවම, අපේකම, සමගිය පිළිබඳව යළි යළි අකුරු කරන්නට අවශ්‍ය නොවේ. අවශ්‍ය ක්‍රියත්මකභාවයයි.

පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇත. මේසා රෝග වියසන, ආර්ථික හා සමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටු ඒවාය. ඒවා යළිදු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු.

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය

2023 අප්‍රේල් මස 10 දින

Download Release