අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022.08.23 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිය විමධ්‍යගත බෙදා දීමේ වැඩසටහනකට සහභාගී විය.
එම ප්‍රතිපාදන මගින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොට්ඨාසයේ ලියාපදිංචි පෙර පාසල් 35ක් සදහා උපකරණ ශබ්ද විකාශන බෙදා දීමත්, ඇගලුම් ආශ්රිත ස්වයං රැකියා වල නියුතු පුද්ගලයන්ගේ නිශ්පාදන ධාරිතාව වැඩි කිරීම සදහා මහන මැශින් ලබාදීමත් සිදුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිනි ගුණවර්ධන, මධුර විතාන, නගරාධිපති අයි.වී. ප්‍රේමලාල්, කපිල නන්ද කුමාර, ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.