එදිරිල්ලේ රාළ වීරයාගෙන් පැවත එන වික්ටර් එස් කොරයා ජාතික වීරයාගේ පිළිරුවට, අගමැතිගෙන් පුෂ්පෝපහාර

සෘජුව නිදහස් සටනට දායක වෙමින්ද, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් 1922 දී ක්‍රියාත්මක කළ ඇඟ බද්දට අභියෝග කරමින් සිරබත් කා, එම නීතිය අහෝසි කිරීමට අභීතව සටන් කළ, සී.ඊ. වික්ටර් එස් කොරයා ජාතික වීරයාගේ හලාවත පිහිටුවා තිබෙණ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා එක්විය. සී.ඊ. වික්ටර් එස් කොරයා යනු කෝට්ටේ සහ සීතාවක යුව රජු වූ, එදිරිල්ලේ රාළ වීරයාගෙන් පැවත එන්නෙකි