මැයි දින පණිවුඩය

වැඩකරන ජනතා ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළා වූ ඉතිහාස සටහන් මත අප 138 වන වරට ලෝක කම්කරු දිනය සමරමු.

මෙවර අප එය සමරනුයේ වැඩබිම ද අභියෝගයන් රැසකට ලක්වූ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයක තීරණාත්මක සටහන් මත ය.

එහෙත් කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නොසලකා හැරීමට අප කටයුතු නොකළෙමු. වැඩකරන ජනතා කතිකාවතකින් ගන්නා තීන්දු තීරණ මත වැඩබිම තීරණය කරන්නෙමු.

මෙවැනි අර්බුදයන්ට මුහුණ දුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැගුනේ වැඩ කරන ජනතා ශක්තියෙනි.

එලෙස නැවත ආර්ථිකය ගොඩනැගීමට වැඩ කරන ජනතාව අඛණ්ඩව දුන් ආරම්භය පරිත්‍යාගය හා ඉටුකළ දායාදයට විශේෂ ගෞරවය පළකරමි. එමඟින් සෑම ක්ෂේත්‍රයක් තුළම නව පිබිදීමක් ඇතිවීමට ඉවහල් විය.

රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, ස්වයං රැකියා ආර්ථික බලවේගයන් ලෙස ශක්තිමත් කිරීමට කටයුතු කරමු.

එලෙස අප රට තුළ ද ගොවි ජනතාව රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගෙන කටයුතු කිරීම ඇතිකළ පිබිදීම ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

වැඩ කරන ජනතාව රජයට ද, රජය වැඩ කරන ජනතාවට ද ලබා දුන් ජයග්‍රහණ බොහෝය. පසුකළ දුක්වේදනා බෝහෝය.

එකී ජයග්‍රහණ දුෂ්කර අභියෝග ජය ගැනීමට වැඩ කරන ජනයා අධිෂ්ඨානයෙන් අද සිටින තත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමු. එමඟින් අනාගතය වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ලඟා කර ගැනීමට එක්ව කැපවෙමු. ඒ සඳහා වැඩකරන ජනතාව, හාම්පුතුන්ගේ සම්මේලන හා රජය ත්‍රෛපාර්ශවික අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇත.

දිනු අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු.

දිනේෂ් ගුණවර්ධන (පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 මැයි 01 දින