චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට පියවර...

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා අද (2024.05.02) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී 2024 මාර්තු මාසයේදී අග්‍රාමාත්‍යවරයාගේ චීන නිල සංචාරය අතරතුර දී දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය.

 වැඩිදුර >>

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා අද (2024.05.02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (2024.05.02) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

හිටපු අමාත්‍ය ගත්කතුවර ටී.බී ඉලංගරත්න සූරීන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (2024.05.01) කොළඹ, අරලියගහ මන්දිරය අබියසදී සිදු කෙරිණ.

කොල්ලුපිටිය ධර්මකීර්ථයාරාමාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම හිමියන් ඇතුළු ගරුතර සඟරුවන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සරත් වීරසේකර, වෘත්තීය සමිති නායකයින් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

මැයි දින පණිවුඩය

වැඩකරන ජනතා ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළා වූ ඉතිහාස සටහන් මත අප 138 වන වරට ලෝක කම්කරු දිනය සමරමු.

මෙවර අප එය සමරනුයේ වැඩබිම ද අභියෝගයන් රැසකට ලක්වූ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයක තීරණාත්මක සටහන් මත ය.

එහෙත් කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නො වැඩිදුර >>

ජාතික නාමල් උයනේ උන්නතියට උරදුන් මාධ්‍යවේදීන්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇගයේ....

ජාතික නාමල් උයන සංචාරක පහසුකම් නංවාලීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් මිලියන 10ක් ...

ජාතික නාමල් උයන 33 වැනි සංවත්සරයට සමගාමීව නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා උරදුන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට උපහාර පිදීමේ උත්සවය අද (2024.04.30) අරලියගහ මන්දිරයේදී අග වැඩිදුර >>

කොළඹ වෙසක් කලාපය පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) අරලියගහ මන්ත්‍රයේදී පැවැත්විණ.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රමුඛ සඟරුවන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු රාජ්‍ය ආයතන ලේකම්වරු සහ නිලධාරින් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් ගැන කතා කරන කොට, ගාමණී ජයසූරිය මැතිඳුන් අමතක කළ නොහැකියි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ( 2024.04.30) හෝමාගම, මීගොඩ මධ්‍ය මහා විද්‍යාලය ගාමණී ජයසූරිය මධ්‍ය මහා විද්‍යාලය නමින් නම් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

ගාමණී ජයසූරිය මැතිතුමාගේ සියවන ජන්ම සංවත්සරය සහ පාසලේ ශතවර්ෂය සම්පූර්ණ වීමේ අවස්ථා වැඩිදුර >>

අද මුළු ආසියාවට ම රේඩියෝ සිලෝන් වැදගත් තැනක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ඉතාලියේ සුප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙකු සහ ගුවන්විදුලියේ නිර්මාතෘ වන ගුග්ලිමෝ මාර්කෝනි (Gugliemo Marconi) ගේ 150 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.04.29 දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී ඡායාරූපයක් නිරාවරණය කිරීම සිදුකළ අතර සමරු මුද්දරයක් වැඩිදුර >>

සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටේ මතු පරපුර වෙනුවෙන් සුවිසල් ආයෝජනයක් සිදුකරනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2024.04.29) කොළඹ වෝටර්ස් ඒජ් හී පැවැති සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

පළමුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට රජය වෙනුවෙන් සුභාෂිංශන එකතු කරනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුද වැඩිදුර >>

බස්නාහිර පළාත් මෙගා නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව සාකච්ඡාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.04.26 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් එස්.ඩබ්. සත්‍යානන්ද, ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගුණවර්ධන, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපදේශක සමාගමක් වන Surbana Jourong හී වැඩිදුර >>

පුනර්ජනනීය බලශක්තිය, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ, කඩදාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීමට චීනයේ සහාය....

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය (CASMCE)අතර හමුවක් අද (2024.04.25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පුනර්ජනනීය බලශක්ති, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ , කඩදාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීම හා වෙළඳ ආයෝජන පිළිබඳව මෙහිදී අවධාණය යොමු  වැඩිදුර >>

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා අතින් අද (2024.04.24) ජනතා අයිතියට පත් කෙරුණි.

ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර , නිමල් සිරිපාල ද සිල්වා , අලී සබ්‍ර්, මහින්ද අමරවීර , ආණ්ඩුකාරවරුන් වන සෙන්දිල් තොණ්ඩමන්,ඒ.ජේ.එම්.එල්.මුසම්මිල් වැඩිදුර >>

උමා ඔය බහුකාර්‍යය සංවර්ධන ව්‍යාපෘතිය පොදුජන අයිතියට පැවරීමට ශ්‍රී ලංකාවට පැමිණි, ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (2024.04.24) මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගත් අවස්ථාව.

අමාත්‍යවරුන් වන අලි ශබ්රි, මහින්ද අමරවීර, ආණ්ඩුකාරවරුන් වන විලී ගමගේ, සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විදේශ කටයුතු අමත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුර >>

අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව.

බක් පොහෝ දින දේශකයාණන් වහන්සේ.

උඩරට අමරපුර මහානිකායේ වැඩ බලන මහානායක දුරන්දර, කෝට්ටේ මාදිවෙල ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන් මහා විහාරය යන උභය විහාරාධිපති, මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, රතනජෝති වංශාලංකාර සද්ධර්ම වාගීශ් වැඩිදුර >>

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනෙ න් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 24159කට සහන....

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබා දීමේ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහන 2024.04.22 දින මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමයේදී පැවැත්විණ.

එහිදී අදහස් දැක් වැඩිදුර >>

ඉඩම් නිදහස් කිරීමේදී අයිතිය ගැන ගැටළුවක් නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අයිතිය එසේ පවතිද්දී වගාව ඇති කිරීම සඳහා වූ බලය දෙන්න රජය තීරණය කළා...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේදෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා වැඩිදුර >>