හිටපු අමාත්‍ය ගත්කතුවර ටී.බී ඉලංගරත්න සූරීන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (2024.05.01) කොළඹ, අරලියගහ මන්දිරය අබියසදී සිදු කෙරිණ.

කොල්ලුපිටිය ධර්මකීර්ථයාරාමාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම හිමියන් ඇතුළු ගරුතර සඟරුවන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සරත් වීරසේකර, වෘත්තීය සමිති නායකයින් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය