Prime Minister's Office

The Prime Minister's Office carries out official duties of the Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka and provides necessary guidance, coordination facilities and leadership to achieve economic and social development goals in accordance with the government policies.

Moreover, the Prime Minister’s Office provides necessary leadership and guidance to fulfill the aspirations of people while standing by the side of them in the hour of need with great enthusiasm and commitment. It provides regular assistance in policy making and also necessary contribution, guidance and coordination through a people centered approach to achieve Sustainable Development Goals (SDG). It plays a crucial role in maintaining diplomatic relationships and international relations, through facilitating negotiations, conducting high level diplomacy with foreign leaders, countries, states and representatives and coordinating the efforts of various government agencies and departments involved in foreign affairs.

Vision

“An independent, sovereign and prosperous Sri Lanka”

Mission

“To provide the necessary leadership for an excellent government mechanism with good governance, maintaining an effective coordination between States, Foreign missions, United Nations and Non-Governmental institutions in order to realize the aspirations of the Sri Lankans and improve their quality of life”

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප පත්‍රිකාව ගැන සාකච්ඡා කරන්න අපි ලෑස්තියි.නමුත් අනවශ්‍ය වෙබ් අඩවි ප්‍රචාරණය කරන්න එපා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

6ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්දෝලනයට පත් පාඩම ඉවත් කරන්න කටයුතු කරනවා

මේ මොඩියුල දරුවන් අතට පත්කර නැහැ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප පත්‍රිකාව පිලිබඳ සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ,එකී සංවාදය අනවශ්‍ය වෙබ් අඩවි ප්‍රචාරණය කිරීමට යොදා නොගත යුතු බවත්, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්දෝලනයට පත් පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය හිමිව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (ජනවාරි 07) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියා ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සංකල්ප පත්‍රිකාව අධ්‍යාපන උපදේශන සභාවේ සාකච්ඡාවට ගත්තා. ඒක සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නත්, වෙබ් අඩවියට ඇතුළත් කරන්නත් කටයුතු කර තියෙනවා. ඒ පිළිබදව පාර්ලිමේන්තුව තුළ අපි සාකච්ඡා කළා.ඒ වගේම අපි මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා, ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. මන්ත්‍රීවරුන් කීහිප දෙනෙක් මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඕනම අවස්ථාවක අපි තව සාකච්ඡා කරන්න විවෘත යි. ඒ සංකල්ප පත්‍රිකාව මත පදනම් කරගෙන ඒක තව දියුණු කරන්න හෝ සාකච්ඡා කරන්න අපි ලෑස්තියි ඒකට අපි විරුද්ධ නැහැ.

ඒ වගේම ඒ සංකල්ප පත්‍රිකාවේ මේ මොඩයුල අන්තර්ගතය පිළිබදව සඳහන්ව නැහැ. සංකල්ප පත්‍රිකාවක තියෙන්නේ කරන්න යෝජිත ව්‍යුහාත්මක වෙනසේ frame work එක පිළිබදව . මේ සිද්ධිය වාර්තා වුණ වහාම අපි ඒ පිළිබද විමර්ෂණයක් කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල පිළියෙළ කිරීමේ යම් ක්‍රියාමාර්ගයක්, ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය වෙනස් වුණේ කොහොමද, මේ වගේ දෙයක් අන්තර්ගත වුණේ කොහොමද, ඒකට වග කිය යුත්තේ කවුද කියන එක ගැන කරුණු විමසීමේ විමර්ශනයක් අපි ආරම්භ කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ governing council එක තමා ආයතනයේ විනය පිළිබද වගකියන්නේ. ඒ ආයතනය විසින් රංජිත් ආරියරත්න හිටපු ලේකම්තුමා ඊයේ දිනයේදි මූලික විමර්ශන කරන්න පත් කළා. ඒ මූලික විමර්ශනය අනුව මේ සිදුවීම පිළිබද, ක්‍රමවේද වෙනස්වෙලා මේක කොහොමද සිද්ධ වුණේ කියලා පුළුල් විමර්ශනයක් කරනවා.

මේ සිද්ධිය වාර්ථා වු වහාම අපි මේ පොත කලින් සදහන් කළ විදියට මුද්‍රා තැබුවා. ඒ පොත ළමයින්ට බෙදලා නැහැ. ඒ පාඩම ඉවත් කරන්නත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන උපදේශක මණ්ඩලයේ අනුමැතය ලැබුණා. අපි ඒ පාඩම ඉවත් කරනවා.

මම ඉල්ලා සිටිනවා මෙම සංවාදය කරනකොට අනවශ්‍ය ලෙස වෙබ් අඩවි ප්‍රවර්ධනය කරන විදියට කතා නොකර ඉමු කියලා. මොකද ඒ පාඩම දරුවන්ට යන එක නවත්වලා තියෙන්නේ. ඒ වුණ වැරැද්ද දැක්ක නිසා අපි විමර්ශනය කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න අතර ඒක පිළිබද අපි කතා කරමු. සංවාද කරමු. ඒ ක්‍රියාවලිය තව ශක්තිමත් කරන්නේ කොහොමද කියන එකට යෝජනා තියෙනවනම් ඉදිරිපත් කරන්න. අපි ඉතාමත්ම සතුටින් ඒවා භාරගන්නවා. ඒ වගේම සංකල්ප පත්‍රිකාව පිළිබද තවත් සාකච්ඡා කරන්න අවශ්‍යනම් ඒකටත් අපි විවෘතයි. නමුත් මේක සාකච්ඡා කරන ගමන් අනවශ්‍ය වෙබ් අඩවි තවත් ප්‍රවර්ධනය කරන්නේ නැති විදියට අපි සාකච්ඡා කරමු කියන කාරණය මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

​හදිසි නීතිය භාවිතා කරන්නේ ආපදා කළමනාකරණයට මිස වෙනත් කිසිදු හේතුවකට නොවේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​"ආපදාවට ලක්වූ ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය උපරිම අවධානය යොමු කර තිබෙනවා"

​හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ පවත්නා ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මිස වෙනත් කිසිදු හේතුවකට නොවන බවත්, ආපදාවට ලක්වූ ජනතාවගේ ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පූර්ණ අවධානය යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​මහජන ආරක්ෂක පනත යටතේ වූ යෝජනා පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ජනවාරි 06 වන දින පාර්ලිමේන්තුවේ පැවැති විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

​එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය:

​"ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අත්නොවූ අන්දමේ බරපතළ ස්වභාවික ආපදාවකට ​’දිට්වා​’ සුළි කුණාටුව හේතුවෙන් අපට මුහුණ දීමට සිදු වුණා. මුළු රටේම ජනතාවට එම පීඩාව දරා ගැනීමට සිදු වූ අතර දිස්ත්‍රික්ක 25 ටම ඉන් හානි සිදු වුණා. දැනටත් දිස්ත්‍රික්ක කිහිපයක පවුල් විශාල ප්‍රමාණයක් අවතැන්ව සිටිනවා. මෙම ස්වභාවික ව්‍යසනය හමුවේ විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයට දැඩි හානි සිදු වුණා. රජය එම අවස්ථාවේ සිටම ක්ෂණික ප්‍රතිචාර දක්වමින් හානිය අවම කිරීමට කටයුතු කළ අතර, ආපදාවේ බරපතළකම හඳුනා ගනිමින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

​මෙහි පවත්නා බරපතළ තත්ත්වය සැලකිල්ලට ගෙන, ජනාධිපතිතුමා විසින් මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ 2025.11.28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ යෝජනා ද සැලකිල්ලට ගනිමිනුයි ජනාධිපතිතුමා එම තීරණය ගත්තේ. එම හදිසි තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අපට සිදුව ඇති අතර මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ වෙනුවෙනුයි.

​තවමත් සුරක්ෂිතතා මධ්‍යස්ථාන 225 ක පවුල් 6,592 ක් රැඳී සිටිනවා. දැනට ලැබී ඇති වාර්තා අනුව පූර්ණ නිවාස හානි 6,037 ක් සහ අර්ධ නිවාස හානි 108,476 ක් වාර්තා වී තිබෙනවා. මෙම දත්ත අප දිනෙන් දින යාවත්කාලීන කරනවා. සුරක්ෂිතතා මධ්‍යස්ථානවල නොසිටියත්, තමන්ගේ නිවෙස්වලට යාමට නොහැකිව වෙනත් ස්ථානවල රැඳී සිටින පිරිස මීටත් වඩා වැඩි බව ගණනය කර තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ රටේ තත්ත්වය තවමත් සාමාන්‍ය අතට පත්ව නොමැති බවයි. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි තත්ත්වය දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

​මෙම පනත යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවත්වාගෙන යාමටත්, අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් අපට අවස්ථාව ලැබී තිබෙනවා. හදිසි නීතිය අප භාවිතා කරන්නේ ආපදා කළමනාකරණයට මිස වෙනත් කිසිදු පටු අරමුණකට නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මෙම සංකීර්ණ තත්ත්වය තුළ රජයේ නිලධාරීන්ට ක්ෂණිකව තීරණ ගැනීමටත්, ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැපයීමටත් අවශ්‍ය නීතිමය පසුබිම සකස් කිරීම මෙහි එකම අරමුණයි.

​මෙය ප්‍රජාතන්ත්‍රවාදය හෝ භාෂණයේ නිදහස සීමා කිරීමක් ලෙස නඟන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ආපදා කළමනාකරණය සඳහා මිස වෙනත් කිසිදු කටයුත්තකට මෙය භාවිතා නොකරන බව ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. රජය ක්‍රියා කරන්නේ එම ස්ථාවරයේ සිටයි.

​’දිට්වා​’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ භූගෝලීය වෙනස්කම් පිළිබඳව අප තවමත් අධ්‍යයනය කරමින් සිටිනවා. එය ඉතා සංකීර්ණ (Dynamic) තත්ත්වයක්. ජනතාව නැවත පදිංචි කිරීමේදී එම භූමියේ සුරක්ෂිතතාව තහවුරු කිරීම අත්‍යවශ්‍යයි. දැනට පවතින වර්ෂාපතනය සාමාන්‍යයෙන් ආපදා ඇති කරන්නක් නොවූවත්, පෙර පැවති අස්ථාවර භූමිකම්පා සහ නායයෑම් අවදානම නිසා අප ඉතා කල්පනාකාරී විය යුතුයි. හදිසි තත්ත්වය පවත්වාගෙන යාමට එය ද හේතුවක්.

​අපේ සම්පූර්ණ උත්සාහය ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි. රජයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සියලු දේශපාලන පක්ෂවල සහයෝගය මත යටිතල පහසුකම්, මාර්ග, විදුලිය සහ සන්නිවේදන සේවා බොහොමයක් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අපට හැකි වුණා.

​එමෙන්ම ජාත්‍යන්තර සහයෝගය ද ඇතිව කෙටි කාලයකින් ව්‍යසනයේ බරපතළ බලපෑමෙන් මිදීමට අපට හැකි වුණා. වෙනස් වන තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන නිලධාරීන් සඳහා සයිබර් ආරක්ෂණය වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක්

6-13 ශ්‍රේණි සඳහා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ කාර්ය සාධන බළකායේ මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම සයිබර් ආරක්ෂණයට අදාළ කාර්ය කන්ඩායම (work group) සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 06 දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී පාසල් සිසුන් සඳහා විෂයමාලා සකස් කිරීම, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන නිලධාරීන් සඳහා මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම, සයිබර් ආරක්ෂණය (Online Safety, Digital Wellbeing, Cyber Security) වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමිය උපදෙස් ලබා දුන්නාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් ඒ.බී.එම්. අෂ්රෆ්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද යන මහත්වරුන් ඇතුළු කාර්ය සාධක බලකායේ සමාජිකයින් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Auspicious Foundation Stone Laying ceremony for the Seven-Storey Sadaham Mandiraya at the Historic Kotte Rajamaha Viharaya held with the Participation of the Prime Minister.

The auspicious foundation stone laying ceremony for the proposed seven-storey Sadaham Mandiraya at the historic Sri Jayewardenepura Kotte Rajamaha Viharaya was held on 03rd of January with the participation of Prime Minister Dr. Harini Amarasuriya.

The religious programme, organised to coincide with the Duruthu Full Moon Poya Day, commenced with the chanting of Seth Pirith by the Maha Sangha.

Subsequently, the Prime Minister participated in the laying of the foundation stone, formally marking the commencement of construction of the seven-storey Sadaham Mandiraya.

The Sadaham Mandiraya will be constructed as a centre dedicated to the preservation of Buddhist heritage while providing Dhamma education and spiritual guidance for future generations.

The event was graced by the presence of Chief Incumbent of the Kotte Rajamaha Viharaya, Venerable Aluth Nuwara Anuruddha Thero, together with members of the Maha Sangha; and attended by the Deputy Minister of Industry and Entrepreneurship Development, Chathuranga Abeysinghe, local political representatives, state officials, and a large gathering of devotees.

Prime Minister’s Media Division

Prime Minister’s Office Commences Work for the New Year.

Let us further strengthen the journey we have begun and deliver a trustworthy public service in 2026. - Prime Minister Dr. Harini Amarasuriya

The official ceremony to commence duties for the New Year 2026 at the Prime Minister’s Office was held on the morning of January 1 at the Prime Minister’s Office, under the patronage of Prime Minister Dr. Harini Amarasuriya and Secretary to the Prime Minister Mr. Pradeep Saputhanthri.

During the event, all members of the staff took the Public Service Pledge for the New Year, following which the Prime Minister extended New Year greetings.

The Prime Minister stated that the past year had been one in which the Prime Minister’s Office accomplished a greater achievement, and that through every division including the Digital Task Force, the International Relations Division, and the Public Relations Division a significant amount of responsibility had been carried out through the dedication of all staff members. She further noted that the Prime Minister’s Office has now become an institution that has earned greater public trust than in previous periods, and she expressed her gratitude to all members of the staff for their commitment.

The Prime Minister further noted,

Last year, we had to face a significant number of challenges. This New Year may be even more challenging. However, I am confident that all of you, as a team, will face every one of these challenges with strength. From the Cyclone Ditwah that occurred last year, we learned many lessons. We gained experience on how to respond to such emergencies putting aside any differences. Going forward, it is our responsibility to become increasingly environmentally friendly and to protect the environment in a manner that minimizes such disasters. Accordingly, as a country moving forward with a clear understanding of climate changes, we must initiate all our plans with awareness.

Extending New Year greetings, Secretary to the Prime Minister Mr. Pradeep Saputhanthri stated:

In 2024, you as public servants made your contribution to bringing the transformative change that took place in the country by bringing closer the public service to people , and to achieving significant economic and social achievements by implementing the principles of the policy statement ’A Thriving Nation – A Beautiful Life’, and in this regard you truly deserve the due recognition.

In implementing the policy of ’A Thriving Nation – A Beautiful Life’, we identified ten principles required to bring about a positive transformation in the public service. By giving appointments and granting promotions based on qualifications, we were able to bring about a significant qualitative change in the public service. The public has clearly understood this change. The people of this country are not prepared to reverse this positive system.

All officers of the Prime Minister’s Office participated in this official ceremony.

Prime Minister’s Media Division

New Year Message from the Hon. Prime Minister

As we move forward to the New Year of 2026, it is timely to reflect on the year 2025 that has passed. The year 2025 can be granted as a year having made a number of decisive and progressive steps with a people oriented government.

I am confident that, within a new political culture, we were able to strengthen transparency in state governance and lay the foundation for an efficient and corruption free public service.

We can be satisfied with the progress achieved in several key areas during 2025, including economic stability, the increasingly positive and optimistic international perception towards our country, the establishment of transparent systems of governance, and the strengthening of the sovereignty of the legislation system.

However, the unfortunate disastrous situation we experienced towards the end of 2025 was a challenging period for our nation. While it deeply moved us all, the spirit of solidarity, compassion, and collectivity shown by Sri Lankans during that difficult situation received admiration across the world.

As we step into the New Year 2026, we hold commitment to overcoming those challenges, healing from the disaster, and restoring the lives and livelihoods that were affected.

Moving forward with the goals such as initiating qualitative and sustainable transformation in the education sector, digitalizing all sectors of the public service, creating an enabling environment for entrepreneurs, artists, and creators with innovative ideas to rise on the global stage, and building a compassionate, environmentally friendly society free from drugs and harmful substances I would like to remind, at this moment, that the responsibility of rebuilding this nation rests upon the entire nation, together with the government, transcending differences of ethnicity, religion, or political affiliation, and united by a strong Sri Lankan identity.

Transforming all the challenges we experienced in the past year into sources of strength, I invite you to step into 2026 with renewed energy, hope, and determination.

I extend wishes for a victorious New Year filled with peace, happiness, and prosperity.

Dr. Harini Amarasuriya
Prime Minister
Democratic Socialist Republic of Sri Lanka
01st of January 2026