දේශමාන්‍ය ආර්.කේ.ඩබ්ලිව් ගුණසේකර සිව්වන ගුණානුස්මරණ දේශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යනතර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පොදු හා ජාත්‍යන්තර නීති අංශයේ 15 වැනි සංවත්සරයට සමගාමීව මෙම දේශනය සංවිධානය කර තිබූ අතර ප්‍රධාන දේශනය "භාෂණයේ නිදහස, ශ්‍රේෂ්ඨාධිකරණ නීති විද්‍යාව සහ අභියෝග" යන මැයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් පවත්වන ලදී.
1928 මැයි 8 වැනි දින උපන් ගුණසේකර මහතා නීති විශාරදයකු මෙන්ම කීර්තිමත් නීතිඥයකු වු අතර එවකට ලංකා විශ්වවිද්‍යාලයේ නීති අංශයේ ප්‍රථම උපාධිධාරියාද වේ.
පරිපාලන නීතිය, අපරාධ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නීතිය, මානව හිමිකම්, පවුල් නීතිය, ඉඩම් නීතිය ඇතුළු විෂයන් පිළිබඳ පුළුල් දැනුමකින් යුතු ආර්.කේ. ඩබ්ලිව්. ගුණසේකර මහතා, මැතිවරණ ප්‍රතිසංස්කරණ, මරණ දණ්ඩනය, අධ්‍යාපනය, නීති අධ්‍යාපනය ඇතුළු ප්‍රකාශන ගණනාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනයේදී නීතිය සහ යුක්තිය පිළිබඳ වර්තමාන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කළේය.
අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, නීති පීඨයේ පිඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, ගුණසේකර මහතාගේ බිරිඳවන මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, යන මහත්මමහත්මීන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්, ජනාධිපති නීතීඥවරුන් සහ නීති ක්ෂේත්‍රයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය