සුභාශිංසනය

රටක අනාගතය ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී වඩාත් ඵලදායක අයුරින් ගුණ ණැන බෙලෙන් යුත් යහපත් අනාගත පුරවැසියෙකු කිරීම සඳහාත්, අනාගත ලෝකයට ගැළපෙන, විශිෂ්ට මානව සම්පතක් රටට දායාද කිරීම සඳහාත් දරුවා මෙහෙයවන්නේ ගුරුවරයා යි.

ඉහළ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා දරුවන් වෙත ළඟාකර දිය හැකි, පරිපාලනයෙහි දක්ෂ, කළමනාකරණ කුසලතා සපිරි, නායකත්ව ගුණාංගවලින් යුතු නව ලොව දකින ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථකව පවත්වා ගෙන යන, පුළුල් මනසකින් ලොව දෙස බැලිය හැකි එවන් වූ විවිධ මානයන් ඔස්සේ, දරුවන්ට මගපෙන්වන ගුරුවරුන් රටට සම්පතකි.

අප සියල්ලන්ටම, අප ආ මග ආලෝකවත් කළ, සිප් සතර පමණක් නොව ජීවිතය තුළ ජීවිතය දකින්නට ශක්තිය දුන් ඔවුන් අප ගාමක බලය විය.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 ඔක්තෝබර් මස 06