Prime Minister's Office

The Prime Minister's Office carries out official duties of the Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka and provides necessary guidance, coordination facilities and leadership to achieve economic and social development goals in accordance with the government policies.

Moreover, the Prime Minister’s Office provides necessary leadership and guidance to fulfill the aspirations of people while standing by the side of them in the hour of need with great enthusiasm and commitment. It provides regular assistance in policy making and also necessary contribution, guidance and coordination through a people centered approach to achieve Sustainable Development Goals (SDG). It plays a crucial role in maintaining diplomatic relationships and international relations, through facilitating negotiations, conducting high level diplomacy with foreign leaders, countries, states and representatives and coordinating the efforts of various government agencies and departments involved in foreign affairs.

Vision

“An independent, sovereign and prosperous Sri Lanka”

Mission

“To provide the necessary leadership for an excellent government mechanism with good governance, maintaining an effective coordination between States, Foreign missions, United Nations and Non-Governmental institutions in order to realize the aspirations of the Sri Lankans and improve their quality of life”

අපදාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානි වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කරන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

හදිසි ආපදාතත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන සහ මහජනතාව ලබා දෙන සහයෝගය අගය කරනවා

ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සහ අපදාවට පත් ජනතාවට සහන ලබා දීම වගේම අපදාවෙන් හානි වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත්, හදිසි ආපදාතත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන සහ මහජනතාව ලබා දෙන සහයෝගය අගය කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (දෙසැම්බර් 02) පැවති කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

කොළඹ දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාව ගංවතුර තත්වය පහව යන ප්‍රමාණය අනුව ක්‍රමයෙන් නැවත ස්ථිර වාසස්ථාන වෙත යොමු කරමින් තිබෙන බවත්, අවතැන් කඳවුරු 110ක පමණ මේ වන විට ජනතාව තාවකාලික නවා⁣තැන් ගෙන ඇති බවත් නිලධාරීන් මෙහිදී පැවසීය. කොළඹ දිස්ත්‍රික්කයේ අවතැන් ජනතාව සඳහාදිනකට පිසූ ආහාර පැකට් එක්ලක්ෂ පනස් දහසක් පමණ ලබා දිය යුතුව ඇති බවත් රාජ්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන විසින් අදාල ආහාර ලබා දිම සිදු කරගෙන යන බවත් නිලධාරීන් පැවසීය.

අඹතලේ ජල පවිත්‍රාගාරවල කිසිදු ගැටළුවක් නැති බවත් කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍ය පානීය ජල සැපයුම අඛණ්ඩව ලබා දිය හැකි බවත් නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.

ගංවතුර බැසගිය ප්‍රදේශවල නිවාස පිරිසිදු කිරීම් සිදු කරමින් යළි පදිංචි කිරීම් සිදුකරගෙන යන බවද නිලධාරීන් පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

කොළඹ දිස්ත්‍රික්කයේ මෙන්ම ඊට වඩා අපදාවන්ට ලක් වූ ප්‍රදේශ පිලිබඳ අවධානය යොමු කර කොළඹ දිස්ත්‍රික් ආපදා කමිටුව ලෙස ඒ ප්‍රදේශ සඳහා ලබා දිය හැකි සහයෝගය ලබා දිය යුතුයි. කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර සමග අවහිර වූ මාර්ග යළි විවෘත කිරීම සහ හානි වූ මාර්ග හදුනාගෙන කඩිනමින් පිළිසකර කළ යුතුයි. ඒ වගේම ජනතාවට අවශ්‍ය පානීය ජලය කඩිනමින් ලබා දීමත් අවශ්‍යයි. විදුලි බිඳවැටීම් යථාතත්වයටපත් කරන්න අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ආධාර ලබා දීමේදී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීයව නිවැරදිව සම්බන්ධිකරණය කරමින් ආපදාවට පත් සියළු දෙනාට ආධාර ලබා දීම සිදු කළ යුතුයි. නැවත සංවර්ධනය කළ යුතු යටිතල පහසුකම් පිලිබඳ නිසිපරිදි ඇගයීම් සිදු කර පෙර සිදු වූ වැරදි සිදු නොවන ලෙස සංවර්ධනය කරන්න වග බලා ගන්න. දෙසැම්බර් 16 වනදා අවම අපදාවක් සහිත සියලු ප්‍රදේශවල පාසල් ආරම්භ කරන්න තිබෙන හැකියාව පිළිබඳ තොරතුරු කඩිනමින් ලබා ගත යුතුයි. ආපදාවට පත් අනෙකුත් ප්‍රදේශ වල ප්‍රාදේශිය මට්ටමින් සලකා බලා පාසල් ආරම්භ කරන්න අවශ්‍යයි. ඒ සදහා පාසල්වල තත්වය දරුවන්ගේ පාසල් උපකරණ සහ අනෙකුත් ඉගෙනුම් උපකරණ පිලිබඳ තක්සේරුවක් ලබා ගන්නත් අවශ්‍ය වෙනවා. අපදා තත්වය හමුවේ ත්‍රිවිධහමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින්, ස්වේචඡා සංවිධාන වගේම ජනතාව ලබා දෙන සහයෝගය අගය කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරෙන් අපදාවට පත් ප්‍රදේශවල නැවත නිවාසවල පදිංචි ව්ය හැකි පවුල් 100කට අධික පිරිසකට නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන රැපියල් 25000ක මුල්‍යාධාර ලබා දීමද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු වූ අතර නැවත සිය නිවාස වල පදිංචි විය හැකි ජනතාවට නිවාස පිරිසිදු කරගැනීම වෙනුවෙන් තම ප්‍රාදේශීය ලේකම්කාර්යාල මගින් අදාල ආධාර මුදල් ලබා ගත හැකිය.

නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි සාලි,  නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂන නානායක්කාර එරංග ගුණසේකර , කෞෂල්‍යයා ආරියරත්න , සුනිල් වටගල, චතුරංග අබේසිංහ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, විපක්ෂ මන්ත්‍රිවරුන් වන රවි කරුණානායක, මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර් දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, යන මහත්වරුන්, මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලි බල මණ්ඩලය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් සහ Zoom තාක්ෂණය ඔස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අගමැතිනිය ගංවතුරෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයාබලයි

අවතැන් වී සිටින සහ ආපදාවට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයාබලා කඩිනමින් පහසුකම් සලසා දෙන්න

අගමැතිතුමිය දේශපාලන අධිකාරියට සහ නිලධාරීන්ට කියයි

මුළු දිවයිනටම බලපෑ "දිට්වා" සුලිකුණාටුවත් සමඟ කැලණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ ප්‍රදේශයට ඇති වූ අසාමාන්‍ය ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ඉහළ බෝමිරිය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ සුවදුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (29) පස්වරුවේ පැමිණියාය.

එහිදී බෝමිරිය කනිටු විදුහලේ තාවකාලිකව නැවතීසිටින ජනතාව හමු වී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට අගමැතිතුමිය කටයුතු කළාය.

අවතැන් වූ ජනතාව මේ වන විට මුහුණ දෙන අඩුපාඩු පිළිබඳ සොයාබලමින්, ආහාර සනීපාරක්ෂක උපකරණ ඇතුළු අවශ්‍යතා කඩිනමින් ලබා දීමේ රජයේ වැඩ පිළිවෙළ පිලිබඳව සොයා බැලූ අග්‍රාමාත්‍යතුමිය ඇති වී තිබෙන ජාතික ව්‍යසනය අවබෝධ කර ගනිමින් අවතැන් පිරිස් වෙනුවෙන් සහන සලසමින් ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙන සියළු දෙනාට ස්තූතිය පුද කළාය.

අවතැන් වී සිටින සහ ආපදාවට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයාබලා කඩිනමින් අවශ්‍යතා සලසා දෙන ලෙස දේශපාලන අධිකාරියෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

මේ වන විටත් ඉහළ බෝමිරිය හා ඒ අවට ගංවතුරෙන් අවතැන් වූ පවුල් සීයකට පමණ අයත් පුද්ගලයන් 320 ක පමණ ඉහළ බෝමිරිය කනිටු විදුහලේ නවාතැන් ගෙන සිටින අතර

මෙම පිරිසේ අවශ්‍යතා පිළිබඳව සොයාබලමින් ඒවා ඉටුකර දීමට යුහුසුලුව කටයුතු කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සමග නගරසභා මන්ත්‍රීවරුන් ද එම අවස්ථාවට සහභාගී විය.

අනතුරුව කොලොන්නාව ප්‍රදේශයේ ආපදා තත්ත්වය පිලිබඳ සොයා බැලීමට ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුල්ලේරියාව ගල්වාන පුරාණ රජමහා විහාරයේ සහ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලයේ පිහිටුවා ඇති ආරක්ෂිත නවාතැන් වෙත පැමිණ එහි තත්ත්වය පිලිබඳව නිරීක්ෂණය කළාය.

කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමිය ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන සහන වැඩ පිළිවෙළ පිලිබඳවත්, ආහාර සහ සනීපාරක්ෂක උපකරණ කඩිනමින් ජනතාවට ලබා දීම පිලිබඳවත් විමසා සිටියාය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන්වන එරංග ගුණසේකර, චතුරංග අබේසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, කොළඹ දිස්ත්‍රීක් ලේකම්තුමා, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්තුමා, නගරාධිපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

"තොරතුරු සන්නිවේදනයේ දී මාධ්‍ය ආයතන ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න "

"මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නවා"

රට පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ අවධානම් ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පොලීසිය, හමුදාව සහ නිලධාරීන් විසින් සිදු කරගෙන යන අතර ඔවුන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව තමන්ගේ හා සමීපතයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත්, ආපදාවන්ට ලක් වු ජනතාවගේ දේපොළ ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියා ය.

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම දැනට පවතින ආපදා මට්ටම සම්බන්ධව නොවැම්බර් 28 වැනි දා සූම් තාක්ෂණය හරහා පැවැත්වුණු සාකච්ඡාව අමතමින් ‍අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙහිදී රට පුරා පවතින අවදානම් තත්ත්වය සම්බන්ධව අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරිය අන් සියල්ලටම වඩා ජීවිත බේරා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කය බව ප්‍රකාශ කර සිටියා ය. මේ මොහොතේ මුළු රටම ජාතික ආපදාවකට මුහුණ දෙමින් සිටින බවත් එහිදී සියලු දෙනා ඉතාම සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍යතාවය පවතින බවත් ඊයේ දිනයේ සිට පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අවදානමට සහ ආපදාවට ලක්වී සිටින ජනතාව මුදවා ගැනීම වෙනුවෙන් පොලිසිය, ත්‍රිවිධ හමුදාව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලුම ආයතන සහ සියලු නිලධාරීන් විශාල මැදිහත්වීමක් සිදුකිරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.

එමෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ විපක්ෂ නායකයින් සම්බන්ධ කර ගනිමින් විශේෂ සාකච්ඡා හා රැස්වීම් ඊයේ සිට පවත්වනු ලැබූූ අතර එම සාකච්ඡා අනුව ජාතික ආපදාවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජනතාව මුදවාගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බවත් පවසන ලදී.

අපදා තත්ත්වය පිළිබඳව පළවන තොරතුරු අනුව ක්‍රියාත්මක වීමේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතන හරහා නිකුත්වන සත්‍ය තොරතුරු මත පමණක් පදනම්ව තීන්දු තීරණ ගැනීම සිදුකරන ලෙසත් සියලු මාධ්‍ය ආයතන මේ මොහොතේ තොරතුරු සන්නිවේදනයේ දී ඉතාමත් වගකීමෙන් කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටි අතර දරුවන් කාන්තාවන් ඇතුළු සියලු ජනතාවගේ සනීපාරක්ෂාව සහ සුරතුන් සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන ලෙස සියලු පාර්ශව වෙතින් ඉල්ලා සිටියා ය.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම අවදානමට ලක් වී ඇති මේ මොහොතේ සෑම දිස්ත්‍රික්කයකටම අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ සියලුම පහසුකම් ලබාදීමට කටයුතු සූදානම් අර ඇති අතර හදිසි අවශ්‍යතා සඳහා බිලියන 30ක මුදලක් ද ආපදා සහ සහන සේවා කටයුතු සඳහා බිලියන 1.2 ( එකයි දශම දෙකක )මුදලක් ද වෙන් කොට ඇති අතර අමතරව අවශ්‍ය නම් තවත් මුදල් වෙන් කිරීමේ කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.

කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ , තිඹිරිගාස්යාය, කඩුවෙල කොලොන්නාව , සීතාවක, පාදුක්ක, හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩි අවදානමට ලක්වෙන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවත් එම ප්‍රාදේශවල අවදානමට ලක් වූ ස්ථානවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම දැනට මූලිකව සිදුකරමින් සිටින අතර අනෙකුත් ප්‍රදේශවල මාර්ග සහ ජලය බැස යාමේ ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු දැනටමත් සිදු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළව රෝගාතු‍රව සිටින පිරිස් , වැඩිහිටි ප්‍රජාව සහ ආබාධවලට ලක් වූ ජනතාව රෝහල් වෙත භාරගැනීමට දිස්ත්‍රික්කයේ රෝහල් සූදානමින් සිටිනවා මෙන්ම ආපදාවට ලක්වුණු ජනතාවට ආහාර සැපයීමට ද කඩිනමින් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය පවසන ලදී.

එමෙන්ම ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සිදු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා සිදුකරමින් ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියා ය.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරු, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික අපදා කළමනාකරන මධ්‍යස්ථානය , වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

A hotline for reporting emergency disaster situations arising in the Colombo District due to adverse weather conditions

The Colombo District Disaster Management Coordinating Unit convened today (November 27) at the Parliamentary Complex under the patronage of Prime Minister Dr. Harini Amarasuriya, to discuss precautionary measures and necessary actions to be taken in response to potential risks caused by the adverse weather conditions expected over the next 48 hours.

During the meeting, as per the instructions of the Prime Minister, a set of emergency contact numbers was introduced to the public of the Colombo District for the immediate reporting of urgent situations. Accordingly, the 24-hour official emergency hotline 117, the Colombo District Disaster Management Coordinating Unit at 0112434028, and the Disaster Manegement Coordinating Unit at 0112136136 were announced.

The public was urged to remain alert to news updates and emergency advisories issued through reputed mass media.

Prime Minister’s Media Division

​රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් වෙනුවෙන් - ​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ ව වෘත්තීය අධ්‍යාපන ආයතන ක්‍රමවත්ව හා අඛණ්ඩව පවත්වාගත යුතුයි.

​රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් වෙනුවෙන් රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව වෘත්තීය අධ්‍යාපන ආයතන ක්‍රමානුකූලව හා අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

​තෘතියික හා වෘත්තීය අධ්‍යාපන අංශය වෙනුවෙන් සකස් කරන උපායමාර්ගික රාමුව 2026-2035 පිළිබඳ පෞද්ගලික සහ රාජ්‍ය අංශය දැනුවත් කිරීම සඳහා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ අද (නොවැම්බර් 27) පැවති වැඩමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

​ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහය ඇතිව වෘත්තීය ආයතන, රාජ්‍ය අංශය, පෞද්ගලික ආයතන සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව 2026 - 2035 වසර ඉලක්ක කර වෘත්තීය අධ්‍යාපන අංශය වෙනුවෙන් සකස් කළ මෙම උපායමාර්ගික රාමුව පිළිබඳ දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීමද මෙහිදී සිදු විය.

​වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේද සඳහන් කළාය.

​අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඓතිහාසික පරිවර්තනයක් සිදු කරන කාලයක තෘතියික හා වෘත්තීය අධ්‍යාපන අංශයේ උපායමාර්ගික රාමුව 2026-2035 පිළිබඳ මෙම සාකච්ඡාව ඉතා වැදගත්.

​නූතන ලෝකය තුළ වේගයෙන් වෙනස් වන ආර්ථික පරිසරයක් නිර්මාණය වී ඇති නිසා, ඊට ගැලපෙන ලෙස ශ්‍රී ලංකාවේ අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ ඉගෙනුම් මාර්ග පෙළගැස්වීමයි රජයේ අරමුණ වන්නේ.

​මෙම පරිවර්තනයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික මට්ටමින් වෘත්තීය අධ්‍යාපනය හඳුන්වාදීමයි. ප්‍රථම වතාවට, 10 වැනි ශ්‍රේණියේ සිට සිසුන්ට ඔවුන්ගේ වෘත්තීය අවශ්‍යතා, කුසලතා සහ අභිලාෂයන් අනුව වෘත්තීය අධ්‍යාපනය තෝරා ගත හැකියි.

​අපි විභාග කේන්ද්‍රීය අධ්‍යාපන පද්ධතියකින් නම්‍යශීලී, මොඩියුලර් සහ නිපුණතා පාදක ඉගෙනුම් ආකෘතියකට මාරු වන විට, අඛණ්ඩ ඉගෙනුම් අවස්ථා ලබා දීමේදී තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය ඉතා වැදගත් තැනක් ගනී. එහිදී අධ්‍යයන, තාක්ෂණික සහ වෘත්තීය අංශ අතර තෝරාගැනීම් සහතික කිරීමත් අවශ්‍ය වෙනවා.

​වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ විරැකියාව ආසන්න වශයෙන් 22% ක් වීම කාලයක් තිස්සේ අපේ රටේ තිබෙන ගැටලුවක්. ඊට හේතුව අපේ අධ්‍යාපනය සහ ශ්‍රම වෙළඳපොළ ඉල්ලීම් අතර පවතින නොගැලපීමයි. ඒ සඳහා, ඊට අදාළව නිපුණතාවලින් අපගේ තරුණයින් සන්නද්ධ කිරීම සඳහා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය යි.

​කෙසේ වෙතත්, බොහෝ පුහුණු ආයතන යල් පැන ගිය උපකරණ, සීමිත අවස්ථා සහ ප්‍රමාණයේ සීමාවන් නිසා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය අභියෝගවලට මුහුණ දෙන බව අපි දන්නවා.

​අපගේ ඉලක්කය වන්නේ සෑම ආයතනයක්ම ගුණාත්මකභාවයෙන් ක්‍රියාත්මක වන බව සහතික කිරීම, ග්‍රාමීය ප්‍රදේශ, ආන්තික ප්‍රජාවන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු පුළුල් හා වඩාත් විවිධාකාර ඉගෙනුම් කණ්ඩායම් වෙත වෘත්තීය අධ්‍යාපන අංශය විවෘත කිරීමයි.

​ගුණාත්මකභාවය සහ රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගැනීම වෘත්තීය අධ්‍යාපන පරිසර පද්ධතියක පදනම විය යුතුයි. ඒ නිසා මෙම උපායමාර්ගික රාමුව, කර්මාන්ත ප්‍රමිතීන් සපුරාලීම, විෂයමාලා, පහසුකම් සහ ඉගෙනුම් සම්පත් නවීකරණය කිරීමට ඉතා වැදගත්.

​භෞතික හා ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත්, වෘත්තීය අංශයේ සක්‍රීය අධ්‍යාපනය පුළුල් කිරීමත් මේ තුළින් ඉලක්ක වී තිබෙනවා.

​නවීන ඩිජිටල් වේදිකා, මාර්ගගත ඉගෙනුම් පද්ධති සහ ස්මාර්ට් මෙවලම්වලින් ආයතන සන්නද්ධ කිරීමෙන්, අපි වැඩි වැඩියෙන් තාක්ෂණය මත පදනම් වූ වැඩ ලෝකයක් සඳහා ඉගෙන ගන්නන් සූදානම් කිරීම සිදු කළ යුතුයි.

​දක්ෂ හා අභිප්‍රේරිත ගුරුවරුන් සහ පුහුණුකරුවන් නොමැතිව කිසිදු ප්‍රතිසංස්කරණයක් සාර්ථක වන්නේ නැහැ. අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය, කර්මාන්ත නිරාවරණය සහ නැගී එන තාක්ෂණයන්හි පුහුණුව කෙරෙහි දැඩි අවධානයක් මෙම රාමුව තුළින් යොමු කිරීමත් කළ යුතුයි.

​එමෙන්ම, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අනෙකුත් හවුල්කරුවන්ගේ සහාය ඇතිව, අපි නවීන අධ්‍යාපනික ක්‍රියාකාරකම් මත පදනම් වූ ඉගෙනීම සහ තාක්ෂණය මත පදනම් වූ ඉගැන්වීම් සඳහා පුහුණුකරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනවා. එමඟින් වෘත්තීය අංශය පුරා උසස් දැනුමක් සහතික කරමින් තිරසාර වෘත්තීය වගකීමක් සහිත තැනක් බවට වෘත්තීය අංශය පත් කිරීම අවශ්‍යයි.

​කර්මාන්ත සමඟ හවුල්කාරිත්වය මෙහිදී තීරණාත්මක සාධකයකි. මෙහිදී පෞද්ගලික අංශයට විශේෂ කාර්යභාරයක් පැවරෙන බව සිහිපත් කරන්න කැමතියි. ද්විත්ව පුහුණු ආකෘති ප්‍රවර්ධනය කිරීම සහ TVET යටිතල පහසුකම් සඳහා සම-ආයෝජන දිරිමත් කිරීම තුළින් කුසලතා නොගැලපීම් අඩු කිරීමට සහ ආර්ථික අංශ හරහා ඵලදායිතාව ඉහළ නැංවීමට පෞද්ගලික අංශයේ දායකත්වය අපට අවශ්‍යයි.

​සියලු දෙනා එකඟ වූ ජාතික සුදුසුකම් පද්ධතියක් ස්ථාපිත කිරීමයි අපේ අරමුණ. අධ්‍යයන, වෘත්තීය සහ වෘත්තීය සුදුසුකම් පෙළගැස්වීමෙන් සහ සහතික කිරීමේ සහ ප්‍රතීතන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සුදුසුකම් විශ්වසනීය, සංසන්දනාත්මක සහ දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් බව අපි සහතික විය යුතුය. ශ්‍රී ලාංකික වෘත්තීය ක්ෂේත්‍රයේ සුදුසුකම්වලට අපගේ දේශසීමා තුළත්, ඉන් ඔබ්බටත් දොරටු විවෘත කළ යුතුයි.

​ශක්තිමත් පාලනය සහ විනිවිදභාවයෙන් යුතු කළමනාකරණය මෙම පරිවර්තනයට ඉතාම අවශ්‍ය වේ. අපි ආයතනික කළමනාකරණය නවීකරණය කරන්නටත්, ස්වාධීනත්වය ශක්තිමත් කරන්නටත්, දත්ත මත පදනම් වූ අධීක්ෂණ සහ කාර්ය සාධනය පදනම් කරගත් පද්ධති හරහා වගවීමත් පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන්නෙමු. ඵලදායී නායකත්වය සහ වඩා හොඳ සම්බන්ධීකරණයක් මගින් ඉතා හොඳ මට්ටමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කිරීමටත් හැකි වෙනවා.

​අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කොතැනක ජීවත් වුවත්, සෑම තරුණයෙකුටම ඉගෙනීමට සහ සාර්ථක වීමට සමාන අවස්ථා ඇති බව සහතික කිරීමයි. සාධාරණ හා සමාන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම සඳහා තොරතුරු, පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා සමාන ප්‍රවේශයන් අත්‍යවශ්‍යයි.

​තිරසාර මූල්‍යකරණය ද ඒ හා සමානව වැදගත්. රජයේ ප්‍රතිපාදන, පෞද්ගලික අංශයේ දායකත්වයන් සහ නවෝත්පාදන මූල්‍යකරණ යාන්ත්‍රණයන් ඒකාබද්ධ කරන ලද මිශ්‍ර ආකෘතියක් මඟින් TVET ආයතන ක්‍රමානුකූලව හා අඛණ්ඩ නවෝත්පාදනයන් සිදුකරන්න හැකියාව ඇති ආයතන බවට සහතික කළ යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

​නිපුණතා ආංශික සංවර්ධන අංශයේ අතිරේක ලේකම් නිමාලි ආතාවුදගේ මහත්මිය, අතිරේක ලේකම් සමන්ති මිහිදුකුළ මහත්මිය, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත යුනිකා ශ්‍රෙස්තා මහත්මිය ඇතුළු වෘත්තීය පුහුණු අංශය නියෝජනය කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Graduates will be recruited to fill government vacancies through a structured process based on recommendations of the Carder Management Committee. - Prime Minister Dr. Harini Amarasuriya

Prime Minister Dr. Harini Amarasuriya stated that, with Cabinet approval based on the review of the public service recruitment process and the recommendations of the Carder Management Committee, graduates will be recruited to government vacancies through a structured process in the period ahead.

The Prime Minister made these remarks in Parliament on 26th of November , in response to a question raised by the Leader of the Opposition, MP Sajith Premadasa.

The Prime Minister further stated,

The current number of unemployed individuals in Sri Lanka stands at 360,951. The Government has initiated a series of short-, medium-, and long-term measures to address the issue of unemployment.

Accordingly, as a macro-economic target for the coming years, the Government expects to reduce unemployment rates to 4.4% in 2025, and further to 4.2% in both 2026 and 2027.

The Prime Minister further noted that the Government has developed a recruitment plan to provide job opportunities to 35,000–40,000 graduates, recruiting them to vacant positions in the public sector through systematic mechanisms, subjecting to Cabinet approval, and based on the recommendations of the Carder Management Committee.

The recruitment of 25,000 graduates to Grade 3-I (a) of the Sri Lanka Teachers’ Service will be initiated as soon as the final determination of the ongoing Court of Appeal case is officially issued. The Government will take necessary steps to provide employment to 37,000 graduates.

Prime Minister’s Media Division