2026.10.24 දින පොළොන්නරුව දිස්ත්රික්කයේ අධ්යාපන නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය දිඹුලාගල ආරණ්ය සේනාසනය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූවාය.
එහිදී විහාර මන්දිරය වෙත ගිය අග්රාමාත්යතුමිය මල් පූජා කර ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදැක සුහද සාකච්ඡාවක ද නිරත වූවාය.
එහිදී, විහාරස්ථානයේ සහ පිරිවෙනේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අග්රාමාත්යතුමිය, එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළාය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම පොළොන්නරුව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී. බී. සරත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද එක්ව සිටියහ.
අග්රාමාත්ය මාධ්ය අංශය