සුභාසිංශනය

ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව දිනවූ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න, හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම්ලාභී නදීශා ලක්මාලි ලේකම්ගේ හා 4 x 400 (කාන්තා) සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ දියණිවරුනි, 4 x 400 (පිරිමි) සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළෙ පුතුණි, ඔබට අප ගෞරවය පුද කරමු.

මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් අරඹමින් ඔබ දැක්වූ දක්ෂතා තව තවත් ඔප් නංවා ගනිමින්, යළි යළිත් ජාත්‍යන්තර ජයග්‍රහණ කරායාමට ඇවැසි ශක්තිය ධෛර්ය නිරතුරුවම සපයමු.

මීට පෙරද දේශයට ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන්, ඔබට තවද බොහෝ ජයග්‍රහණ අත්පත් කර දීමේ හැකියාව ඇ.ත.

අභියෝග හමුවේ නොසැලී, ලක්මවගේ කීර්තිය ලොවට රැගෙන යන්නට ජවය, සවිය ලැබේවායි පතමි.

දිනේෂ් ගුණවර්ධන (පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 ඔක්තෝම්බර් මස 05