ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය 2024 නොවැම්බර් 18 වැනිදා දිවුරුම් දුන්නා ය. ඇය 2020 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේග සන්ධානය විසින් නම් කරන ලදි.
ආචාර්ය අමරසූරිය යනු 1970 මාර්තු 6 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ දී උපත ලද ප්රමුඛ ශ්‍රී ලාංකික ශාස්ත්‍රාලිකයෙකු, ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලනඥයෙකි. තරුණ ගැටලු, මානව හිමිකම් සහ සමාජ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ඇයගේ බහුවිධ වෘත්තිය ගමන් මඟ ශාස්ත්‍රීය, සමාජ ක්‍රියාකාරීත්වය සහ දේශපාලනය පුරා විහිදේ.
පසුගිය දශකය තුළ ආචාර්ය අමරසූරිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කළා ය. ඇයගේ ඉගැන්වීමේ වගකීම් සහ සමාජ විද්‍යා විෂයමාලා සංශෝධනයට අමතර ව, ඇය විශ්වවිද්‍යාලයේ පරිපාලන නායකත්ව භූමිකාවන්හි සක්‍රීයව සම්බන්ධ වූ අතර 2016 වසරේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා සාධාරණත්ව පිළිබඳ ස්ථාවර කමිටුවේ සාමාජිකාවක ලෙස ද කටයුතු කළා ය. විවෘත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් (2012 සහ 2013) සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සහකාර ලේකම් (2014 සහ 2015) සහ ලේකම් (2016) වූ ඇය, ජාතික අයවැය තුළ අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන අරමුදල් වැඩි කිරීමේ ව්‍යාපාරයට මහත් ලෙස සම්බන්ධ විය.
පර්යේෂකයෙකු ලෙස ආචාර්ය අමරසූරිය ප්‍රභූ දේශපාලනය, විසම්මුතිය, සමාජ සාධාරණත්වය, තරුණයන් වෙනස් කොට සැලකීම සහ සමාජයෙන් බැහැර කිරීම, කාන්තා මූලික පවුල්, ළමා ශ්‍රමය , ආයතනික ළමා රැකවරණය, බාල වයස් විවාහය, යහපැවැත්ම, අධ්‍යාපන පර්යේෂණ සහ බුද්ධිමය දේපළ පිළිබඳ ප්‍රකාශන සිදු කර ඇත. 2014 දී, ආචාර්ය අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා වන ජාතික මානව සංවර්ධන වාර්තාවේ ප්‍රධාන කතුවරයා වූ අතර, එම වසරේ ශ්‍රී ලංකාවේ ජාතික තරුණ ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමට ද සහභාගී විය.
2016 දී, ආචාර්ය අමරසූරිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිත කමිටුවේ සාමාජිකයෙකු ලෙස සේවය කරන ලද අතර එය පාර්ලිමේන්තුවට වාර්තා කරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ පළමු වරට රටපුරා සිදු කළ මහජන අදහස් විමසීම් සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද යාන්ත්‍රණයක් විය.
ආචාර්ය අමරසූරිය කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මුල් අධ්‍යාපනය ලබා විදේශයක දී උසස් අධ්‍යාපනය හැදෑරුවා ය. ඇය දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි මැක්වරි විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරූ අතර එහි දී ඇයගේ නිබන්ධනය කාන්තා සංක්‍රමණික කම්කරුවන් පිළිබඳ ව විය. 2011 දී ඇය ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිළිබඳ සිය ආචාර්ය උපාධි නිබන්ධනය ලියා එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව සහ ජාත්‍යන්තර සෞඛ්‍ය හා සංවර්ධනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තා ය.
ප්‍රජා සෞඛ්‍ය, මානසික ආබාධ සහිත පුද්ගලයන් හට සමාජ සත්කාර අන්තරීකරණය, රාජ්‍ය සහ ස්වේච්ඡා ළමා නිවාසවල සිටින ළමුන්, සහතික කළ නිවාස සහ රැඳවුම් ස්ථාන, විශේෂයෙන් ගම්පහ, ගාල්ල, කොළඹ, හම්බන්තොට, අම්පාර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල, එච්අයිවී/ඒඩ්ස් ආසාදිත ව ජීවත් වන පුද්ගලයන්, අචාර්ය අමරසූරියගේ මුල් කාලීන වෘත්තීය කටයුතු සම්බන්ධ විය.
ආචාර්ය අමරසූරිය ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සංවිධානයක් වන නෙස්ට්, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂණ සංවිධානයක් වන CENWOR සහ ලංකාවේ නීතිය සහ සමාජීය ගැටලු පිළිබඳ පර්යේෂණ සංවිධානයක් වන Law and Society Trust යන ආයතනවල ද වසර කිහිපයක් සේවය කර ඇත.