ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 15 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස 2022 වසරේ ජූලි මස හත්වන දින දිවුරුම් දුන්නේය. ඔහු දැනට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව සිටින මහජන එක්සත් පෙරමුණෙ හි නායකයා ද වේ.
1990 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා වසර 32කට අධික කැපීපෙනෙන පරිපාලන සේවා ගමන්මඟෙහි දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, අධ්‍යාපන, මහවැලි සංවර්ධන, පරිසර, උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන සහ වාරිමාර්ග යන අමාත්‍යාංශවල ලේකම් ඇතුළු වගකිවයුතු තනතුරු රැසක් හොබවා ඇත.