නිති අසන පැණ

01. ගරු අග්‍රාමාත්‍යතුමා වෙත මහජනයා විසින් ඉල්ලීමක්/විමසීම්/ පැමිණිල්ලක්/දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය:
  • ලිපියක් තැපැල් කිරීම අංක 58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07.
  • ෆැක්ස් කිරීම: 0117481514
  • වට්ස් ඇප් කිරීම: 0719997722
  • විද්‍යුත් තැපෑලට යොමු කිරීම: secretarypr@pmoffice.gov.lk
  • මහජන සම්බන්ධතා අංශයට පැමිණ බාරදීම
02. මහජනයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්/විමසීම්/පැමිණිලි /දුක්ගැනවිලි පිළිබඳ වර්තමාන තත්ත්වය දැන ගන්නේ කෙසේද‍?
  • ඉල්ලීම් ලිපියේ ජංගම දුරකතන අංකය සඳහන් කර ඇත්නම් කෙටි පණිවිඩයක් මඟින් ලියාපදිංචි අංකය දැනුම් දෙනු ලැබේ.
  • ආයතන වෙත යවනු ලබන සෑම ලිපියකම පිටපතක් අදාල පාර්ශවකරුට තැපෑලෙන්, ඊ මේල් මඟින් හා වට්ස්ඇප් අංකයක් ලබා දි ඇත්නම් යොමු කිරීම.
  • ඉල්ලිම් පිළිබඳ කඩිනම් කිරීම සඳහා දුරකතනයෙන් ද දැනුවත් කිරීම.
03. මහජනයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්/විමසීම්/පැමිණිලි/දුක්ගැනවිලි පිළිබඳ පසු විපරම් කිරීමේ ක්‍රමවේදය කුමක්ද?

ගරු අග්‍රාමාත්‍යතුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා වෙත ඉදිරිපත් වන එම ඉල්ලිම් සම්බන්ධව කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු/ සියළුම පලාත් සභා අමාත්‍යාංශ/ දිස්ත්‍රික් ලේකම් කාර්යාල/ ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන ආයතන සියල්ලෙහිම නම් කළ නිලධාරින් පත් කර ගෙන ඇති අතර අවසන් පිලිතුරක්/විසදුමක් ලැබෙන තෙක් ඔවුන් වෙතින් විද්‍යුත් තැපැල මඟින් විමසීම් කරනු ලැබේ.

මෙම අංශය වෙත නිතර යොමුවනු ලබන ඉල්ලීම්/විමසීම්/පැමිණිලි/දුක්ගැනවිලි ප්‍රශ්න ලෙස පහතින් සඳහන් කර ඇති කරුණු ඉදිරිපත් කළ හැක.

  • ගරු අග්‍රාමාත්‍යතුමා වෙත ඉල්ලීමක්/ පැමිණිල්ලක්/දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ කෙසේද?
    1. අංක 58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07 ලිපිනයට තැපැල් මඟින් යොමු කිරීම.
    2. secretarypr@pmoffice.gov.lk මහජන සම්බන්ධතා අංශයේ විද්‍යුත් තැපෑලට යොමු කිරීම.
    3. 0117481514 ෆැක්ස් අංකයට යොමු කිරීම.
    4. 0719997722 වට්ස් ඇප් අංකයට යොමු කිරීම.
    5. මහජන සම්බන්ධතා අංශයට පැමිණ බාරදීම.
  • මහජන සම්බන්ධතා අංශයට පැමිණිය යුතු වෙලාව කුමක්ද?
    සතියේ වැඩ කරන ඕනැම දිනක පෙ.ව.8.30 ත් ප.ව. 4.15 ත් අතර
  • මහජන සම්බන්ධතා අංශය පිහිටා ඇත්තේ කොහේද?
    අරලියගහ මන්දිර පරිශ්‍රයේ නෙළුම් ගොඩනැඟිල්ලේ 1 වන මහලේ දකුණු පස අංශයේ
  • ඉදිරිපත් කළ යුතු භාෂාව කුමක්ද?
    සිංහල , දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ඉදිරිපත් කළ හැක.