Prime Minister's Office

The Prime Minister's Office carries out official duties of the Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka and provides necessary guidance, coordination facilities and leadership to achieve economic and social development goals in accordance with the government policies.

Moreover, the Prime Minister’s Office provides necessary leadership and guidance to fulfill the aspirations of people while standing by the side of them in the hour of need with great enthusiasm and commitment. It provides regular assistance in policy making and also necessary contribution, guidance and coordination through a people centered approach to achieve Sustainable Development Goals (SDG). It plays a crucial role in maintaining diplomatic relationships and international relations, through facilitating negotiations, conducting high level diplomacy with foreign leaders, countries, states and representatives and coordinating the efforts of various government agencies and departments involved in foreign affairs.

Vision

“An independent, sovereign and prosperous Sri Lanka”

Mission

“To provide the necessary leadership for an excellent government mechanism with good governance, maintaining an effective coordination between States, Foreign missions, United Nations and Non-Governmental institutions in order to realize the aspirations of the Sri Lankans and improve their quality of life”

​දිස්ත්‍රික්ක 25 ක කාර්මික විද්‍යාල නවීකරණයට පියවර

වෘත්තීය අධ්‍යාපනය ඉහළ නංවන්න අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

​ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් දිස්ත්‍රික්ක 25 තුළ පිහිටි කාර්මික විද්‍යාල 25 ක් නවීන ලෝකයට ගැලපෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

​අද (06) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය විය.

​මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

හුදෙක් වෘත්තීය දැනුම ලබා දීමට පමණක් සීමා නොවී, තරුණ ප්‍රජාවගේ මානසික සුවය සහ සුභසාධනය කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කළ යුතුයි.

ඒ යටතේ ​නවීන මට්ටමේ නේවාසිකාගාර, ආපනශාලා සහ සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම විනෝදාත්මක සහ සෞන්දර්යාත්මක අත්දැකීම් ලැබිය හැකි ලෙසත්, මානසික නිදහස ලැබෙන ලෙසත් අභ්‍යන්තර හා බාහිර පරිශ්‍ර අලංකාර කිරීම, සෙසු අධ්‍යාපන ආයතනවලින් වෙන්ව හඳුනාගත හැකි පරිදි සෑම කාර්මික විද්‍යාලයකටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනැගීම කියන අංශ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කිරීම අවශ්‍යයි.

​මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ රටේ සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත දියුණු කිරීම සඳහා කාර්මික විද්‍යාල 23 ක සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කළ හැකි බවයි. මෙම ඉදිකිරීම් සහ නවීකරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය සහ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

​මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

හදිසි නීතිය භාවිත කර මාධ්‍ය හෝ කිසිඳු පාර්ශවයක් මර්දනය කිරීමට රජය කටයුතු කරන්නේ නෑ... - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැරදි අර්ථකථනයන්ට ලක් කරන්න එපා…

හදිසි නීතිය භාවිත කර මාධ්‍ය හෝ කිසිඳු පාර්ශවයක් මර්දනය කිරීමට රජය කිසි ලෙසකත් කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙබරවාරි 06 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා ය.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශ කිරීම පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පවසන ලදී.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මේ රටට වූ හානිය, මේ රටේ ජනතාවට වූ හානිය සියලු දෙනා හොඳින් දන්න කාරණයක්. අපි බලාපොරොත්තු නොවූ අන්දමට අපේ රටේ යටිතල පහසුකම් වන පාරවල්, ඒ වගේම පාලම් වලට කොතරම් හානියක් වුණාද කියන එක පිළිබඳව නැවත නැවත අවධාරණය කළ යුතු නැහැ. පාසල් ගණනාවක් , නිවාස ගණනාවක්. අපිට තියෙනවා නැවත ගොඩනැගීමට සහ තිබෙන ස්ථාන වලින් ඉවත් කිරීමට. ඒ වගේම මෙතෙක් ඉතිහාසයේ නොවූ අපි දැකපු නැති තරමේ නායයෑම් සිදු වෙලා තියෙනවා. මේ වනවිටත් 1300 ක් පමණ නායයෑම් පිළිබඳ NBRO වාර්තා ලැබි තිබෙනවා.

ඉතින් ඒ තත්වයන් තුළ ගරු සභාපතිතුමියනි, අපට සිදු වී තියෙනවා මේ සඳහා ඉක්මන් මැදිහත් වීමක් කරමින් . ඒ මැදිහත්වීම සඳහා සම්පත් බලමුලු ගන්වන්නට. මානව සම්පත වගේම අවශ්‍ය වන ඒ ද්‍රව්‍යමය අවශ්‍යතාවයන්, මේ සියල්ලම අපිට ඉතාමත් ඉක්මනින් බලමුලු ගන්වමින් ක්‍රියාත්මක කරන්නට මෙන්ම යළි යථා තත්ත්වයට ගෙන ඒමට වගේම මේ සිදු වූ හානිය අවම කිරීමට ගතයුතු පියවර ගැනීම සඳහාත් අපිට විශාල වැඩ කොටසක් පැවරිලා තියෙනවා.

මෙම හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඔන්න ඔය තත්වය මත පමණයි. අපට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට හැකි වීමත්, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමත් තමයි මෙයින් අපි බලාපොරොත්තු වන්නේ. මේ ප්‍රධාන කරුණු දෙක සඳහා තමයි අපි මේ නීතිය පාවිච්චි කරන්නේ. ඇති වී තිබෙන තත්වය තුළ කළ යුතු දේ කාර්යක්ෂමව සහ ඉතාමත්ම වේගයෙන්, ජනතාවගේ ජීවිත යථා තත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි අපි මේ නීතිය තව මාසයක් දීර්ඝ කරන්නට ගරු පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කරලා තියෙන්නේ. යනුවෙන් පැවසී ය.

එමෙන්ම පදනම් විරහිත තොරතුරු ප්‍රකාශ කිරීම පොදු විපක්ෂයේ පුරුද්දක් බවට පත්වී ඇති බවත් විපක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් හරහා ද එවැනි ප්‍රකාශ සිදුවීම කණගාටුවට කාරණයක් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

මෙහිදී ත්‍රිකුණාමලයේ භික්ෂූන්ගේ සිදුවීම උදාහරණ ලෙස ඉදිරිපත් කරමින් එම සිදුවීමට අදාළව අත් අඩංගුවට ගැනීම් හදිසි නීතිය යටතේ සිදුකළ බවට විපක්ෂය ප්‍රකාශ කළද එම සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය නීතිය යටතේ බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය. හදිසි නීතිය යටතේ සිදු කළ හැකි දේ නොව රජය හදිසි නීතිය කුමක් වෙනුවෙන් පාවිච්චි කළේ ද යන කාරණය මෙම විවාදයේදී සාකච්ඡාවට ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය කියා සිටියා ය.

රජය කිසි ලෙසකත් හදිසි නීතිය අවභාවිතා කරමින් මාධ්‍ය හෝ කිසිදු මහජන විරෝධතාවයක් මර්දනය කිරීමට කටයුතු කොකළ අතර රජය මැදිහත්වීමෙන් එවැනි මර්දනය වීම් සිදු කර ඇත්නම් එම සිදුවීම් නිශ්චිතව ගෙනහැර දක්වන ලෙස අග්‍රාමාත්‍යවරිය පැවසී ය.

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව විපෂයේ ප්‍රකාශ පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී සහ ඇතිවූ අර්බුද හමුවේ රජය විසින් වගකිව යුතු රජයක් ලෙස මැදිහත්වීම් සිදු කර ඇති අවස්ථාවේ දී විපක්ෂය ඒ පිළිබඳව ව්‍යාකූල තත්වයක් සමාජගත කිරීමට උත්සාහයක යෙදෙමින් ගෙන යන දෙබිඩි ප්‍රතිපත්තිය ප්‍රශ්න කළ යුතු බව කියා සිටියා ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හය ශ්‍රේණිය මොඩියුලවලට එහා ගිය ක්‍රියාවලියක් බැවින් මෙම ප්‍රතිසංස්කරණ කිසි ලෙසකත් වැරදි ලෙස අර්ථකථනයන්ට ලක් නොකරන ලෙස අග්‍රාමාත්‍යවරිය විපක්ෂයට පැවසී ය. ප්‍රතිසංස්කරණ වලට අදාළව කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වැඩකටයුතු එලෙසම ක්‍රියාත්මක බවත් ප්‍රතිසංස්කරණ අත්හිටුවීමක් කිසිසේත්ම සිදු නොවන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීමේ කටයුතුවල මාස දෙකක කාලයක් තුළ ප්‍රගතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

ඒ අනුව පෙබරවාරි 02වැනි දා ට අදාළව දරුවන් වෙනුවෙන් ලබා දුන් දෙන රුපියල් 15,000 දීමනාව මේ වන 72%ක් සඳහා ද, මරණ වන්දි ලබාදීම් 50% ක් සඳහා ද, රුපියල් 50,000 දීමනාව 77% ක් සඳහා සහ රුපියල් 25,000 දීමනාව 98% ක් සඳහා ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

උපරිමාධිකරණයේ තීන්දු තීරණ රටේ යුක්තිය පිළිබිඹු කරන කැඩපතක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබා දෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මැනවින් පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

​චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය අධිකරණ කටයුතු සඳහා යළි ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

​මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය සහ චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.

එහිදී උපරිමාධිකරණයේ මුල් පෙනුම සහ ව්‍යුහය ආරක්ෂා කරමින්, නවීන තාක්ෂණයෙන් යුතුව නව පුද්ගල, සත් පුද්ගල, පංච පුද්ගල සහ ත්‍රි පුද්ගල විනිශ්චයාසන සහිත නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා 07ක්. විනිසුරුතුමන්ලා සඳහා නව නිල කාමර 20ක් සහ කාර්ය මණ්ඩල පහසුකම්. විදුලි සෝපාන, නවීන පුස්තකාලයක්, නඩු වාර්තා කාමරයක් සහ ශ්‍රවණාගාරයක්,සියලු ස්ථාන ආවරණය වන පරිදි ස්වයංක්‍රීය කැමරා පද්ධතියකින් යුත් අති නවීන පාලක මැදිරියක් ඇතුළු නවීන පහසුකම් සහිතව උපරිමාධිකරණ සංකීරණය ප්‍රතිසංස්කරණය කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

1988 වසරේදී චීන රජයේ සහයෝගයෙන් ඉදිවූ මෙම සංකීර්ණය, දශක තුනකට පසු කාලීන අවශ්‍යතා මත මෙලෙස නවීකරණය කිරීම අතිශය වැදගත් පියවරක්.

​අධිකරණ යටිතල පහසුකම් සඳහා කරන ආයෝජනය යනු සැබවින්ම මහජන විශ්වාසය වෙනුවෙන් කරන ආයෝජනයක්. සුරක්ෂිත සහ කාර්යක්ෂම පරිසරයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය තවදුරටත් ශක්තිමත් වෙනවා,

​චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු චීන රජය ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ අග්‍රාමිත්‍යතුමිය යුක්තිය සැමට සමානව ඉටුවනු ඇතැයි යන මහජන අපේක්ෂාව ඉටු කිරීමට මෙම නවීන පහසුකම් පිටුවහලක් වනු ඇතැයි ද විශ්වාසය පළ කළාය.

​​මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අගවිනිසුරු පද්මන් සූරසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොං (Qi Zhenhong), නීතිපති පරින්ද රණසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Governor of Gujarat met with the Prime Minister to discuss the exhibit of Devnimori Sarvagna

The Governor of the of Gujarat, Mr. Acharya Devvrat, along with the Deputy Chief Minister of Gujarat, Mr. Harsh Sanghvi, met with Prime Minister Dr. Harini Amarasuriya on February 05 at the Parliamentary Complex to discuss the arrangements related to the exhibition of the Devnimori Sacred Relics of the Lord Buddha, which have been brought to Sri Lanka under the patronage of Indian Prime Minister Mr. Narendra Modi and the Government of India.

These sacred Bodily relics of the Loard Buddha were discovered during archaeological excavations conducted in the 1960s at the historic Devnimori site in Gujarat, the home state of Indian Prime Minister Narendra Modi. Until now, these relics had never been taken outside India. As a result of discussions held between President Anura Kumara Dissanayake and Indian Prime Minister Narendra Modi during his recent visit to Sri Lanka, the people of Sri Lanka have been granted this rare opportunity to venerate these sacred relics.

The Sarvagna Relics Veneration is being held for a period of seven days, from February 05 to February 11, at the Gangaramaya Temple in Hunupitiya, Colombo. Discussions were held between both parties regarding the arrangements related to this event.

Following the offering of the floral tribute by President Anura Kumara Dissanayake on the 04th of February, which marked the official commencement of the venerable of Sarvagna Relics, Prime Minister Dr. Harini Amarasuriya also participated in the occasion.

The discussion was attended by Mr. Samar Nanda, Joint Secretary of the Indian Ministry of Culture; Dr. Satyanjal Pandey, Acting High Commissioner of India in Sri Lanka; Mr. Abhijit Halder, Director General of the International Buddhist Confederation; along with several others.

Prime Minister’s Media Division

Stop the collection of funds from parents at school level for Smart Boards — Prime Minister Dr. Harini Amarasuriya

The 2025 G.C.E. Ordinary Level Examination will commence on February 17

No decision has been taken to curtail free education or to close the Jayewardenepura Faculty of Dental Sciences

Do not raise questions based on rumours in Parliament

Prime Minister Dr. Harini Amarasuriya stated that the Ministry of Education has already commenced the distribution of Smart Boards required for the new education reforms, and that the collection of funds from parents at school level for this purpose must be stopped immediately. She further emphasized that no decision has been taken to curtail free education or to close the Jayewardenepura Faculty of Dental Sciences.

The Prime Minister made these remarks in response to a question raised in Parliament on 05 th February by the Leader of the Opposition, Mr. Sajith Premadasa.

Elaborating further, Prime Minister Dr. Harini Amarasuriya stated,

Although the Leader of the Opposition has not traditionally upheld free education as a policy, I appreciate your stance on the matter at this juncture. However, I urged that questions should not be raised based on social media content or unverified rumours in Parliament. No decision has been taken to curtail free education or to close the Jayewardenepura Faculty of Dental Sciences. The Medical Faculty of the Wickramarachchi University of Indigenous Medicine had commenced operations without regulatory approval and had introduced course work, resulting in students being placed in a vulnerable situation. Necessary actions are currently being undertaken based on the recommendations of a report submitted by an expert committee appointed to examine the issue. She emphasized that this is not a political decision, but one guided by expert opinion.

The arrangements are underway to distribute the required Smart Boards to schools during this year, and that there is no need to collect funds from parents for this purpose. If any such collections are taking place, they must be stopped immediately. The Secretary to the Ministry of Education has already issued a directive instructing schools not to collect funds from parents.

The subject Information Technology will not be taught as a separate subject for Grades 1 to 5. However, recognizing the need to prepare students for a globally advancing technological world, discussions have been initiated based on expert advice on how to provide age-appropriate technological awareness to students. Decisions will be made after carefully considering child protection concerns and expert recommendations. The curriculum-related decisions will not be made politically, but by subject experts.

Based on the requests made by the universities and higher education institutions recruitment for essential academic vacancies is currently being carried out under the Cabinet approval. Although thirty years have passed since the establishment of the teacher service, further measures are required to enhance its quality. Existing issues relating to teacher promotions, considering the practical difficulties in evaluation processes and non-compliance with service minute provisions are being addressed alongside other challenges. The government is presently focused on formulating a systematic plan to ensure quality education.

Responding to a question raised by the Member of Parliament Kader Mastan, the Prime Minister stated,

Several programmes have been introduced based on government policy decisions to fulfill the basic needs of schoolchildren. These include the provision of school textbooks, uniforms, and the “Suraksha” health insurance scheme. Additionally, voucher schemes have been introduced to support the purchase of sanitary products for girls in Grades 6 to 13. Midday meals are also being provided for primary school students, and financial assistance is extended to students who pass the Grade 5 Scholarship Examination but do not receive bursaries. The Ministry of Education is in the process of gathering further information with the intention of expanding these programmes.

The Prime Minister also announced that the 2025 G.C.E. Ordinary Level Examination is scheduled to be held from February 17 to 26. Although this period coincides with the observance of Ramadan, relevant authorities have confirmed that it will not pose an obstacle to the conduct of the examination. Furthermore, it has been decided to hold the Grade 5 Scholarship Examination and the G.C.E. Advanced Level Examination before August each year, and the G.C.E. Ordinary Level Examination in December. From 2026 onwards, efforts will be made to conduct examinations in accordance with this revised annual examination calendar.

Prime Minister’s Media Division

Mental health care must be provided through both institutional and community-based approaches

Prime Minister states at the Centenary Celebration of the National Institute of Mental Health

Steps has been taken to update the Mental Health Act after over-hundred-years

Deputy Minister of Health Dr. Hansaka Wijayamuni

Prime Minister Dr. Harini Amarasuriya stated that mental health care should be delivered through both institutional and community-based approaches, and that it is essential to change societal attitudes towards recipients of mental health services.

The Prime Minister made these remarks while addressing the centenary celebration of the National Institute of Mental Health (NIMH), Angoda, Sri Lanka’s premier institution in the field of mental health held on February 3 at the institute’s auditorium.

At the commencement of the event, the Prime Minister also viewed a special photographic exhibition organized to mark the centenary, as well as an exhibition showcasing creative works by recipients of mental health services.

Addressing the event, the Prime Minister emphasized that while appreciating the institute’s century-long commitment and service, it is vital to further expand community-based mental health services in the future.

Mental health is not a field that can be confined solely to medical treatment. We must build a broader and more humane system of care by integrating multiple external sectors. In particular, we carry a responsibility to change the stigmatizing attitudes with which society carries on the recipients of mental health services.

Commending the exceptional dedication of hospital staff, the Prime Minister also highlighted the importance of acting with greater sensitivity and compassion towards patients.

Speaking at the event, Deputy Minister of Health Dr. Hansaka Wijayamuni stated that the Government has taken steps to update Sri Lanka’s Mental Health Act, which is over one hundred years old, to suit contemporary needs.

He noted that the initial draft of the proposed legislation has already been submitted to relevant institutions, as well as to the Cabinet and Parliament, and that public consultations will be conducted in the future regarding the new Act.

The Deputy Minister further explained that the proposed legislation places special emphasis on protecting patient rights while incorporating modern medical and scientific practices into the legal framework.

The event was attended by Deputy Minister of Urban Development Eranga Gunasekara, Secretary to the Ministry of Health and Mass Media Dr. Anil Jasinghe, World Health Organization Representative in Sri Lanka Dr. Rajesh Sambhajirao Pandav, Director of the National Institute of Mental Health Dr. Dhammika Alahapperuma, along with invited guests, medical professionals, artists, and civil society representatives.

Prime Minister’s Media Division