Aadi Vaasi community to participate in 75th Independence Day ceremony

The leader of Adi Vaasi (Vedda) community Uruwarigaye Vanniyala Attho assured Prime Minister Dinesh Gunawardena that the community will participate in the 75th Independence Day ceremony .

"As per the invitation of the Prime Minister all the leaders of Vedda community will participate in the independence ceremony" he said when the community leaders met the Prime Minister at the Parliament premises.

Uruwarigaye Vanniyala Attho said the community is honoured to accept the invitation extended by the Prime Minister on behalf of President Ranil Wickremesinghe.

During the meeting he handed over a document listing out various problems faced by the indigenous groups living in Uva, Eastern, North Central වැඩිදුර >>

ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්..චීන ආයෝජනද ඉහලට- චීන රාජ්‍ය තාන්ත්‍රිකයෝ අගමැති හමුවේ අවධාරණය කරති

ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා පිළිබඳව චීනය ධනාත්මකව සලකා බලමින් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී උප ඇමති චෙන් ෂූ (Chen Zhou) මහතා පවසයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ගන්නා හොඳ ආරංචියක් ඉතා ඉක්මනින්ම අසන්නට ලැබෙනු ඇතැයි ඔහු කියා සිටී. ඔහු ඇතුළුව චීන කො වැඩිදුර >>

ගාල්ල Ministry Of Tea පරීශ්‍රය රටේ මුළු මහත් තේ කර්මාන්තයටත් අපනයනයට ක්ෂේත්‍රයටත් ලබා දෙන මාහැඟි අවස්ථාවක්.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍ය වරයා මෙම අදහස් පළ කලේ 2023.01.14 දින ගාල්ල නගරයේ උසස් තත්වයේ ලාංකීය තේ නිෂ්පාදකයින් වෙනුවෙන් වෙන්වුණු Ministry Of Tea නම් තේ නිෂ්පාදන අලෙවිය වෙනුවෙන් වෙන් වූ පරිශ්‍රය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

තේ කර්මාන් වැඩිදුර >>

තෛපොංගල් පණිවිඩය

අස්වැන්නේ මංගල්‍යය වන තෛපොංගල් උත්සවය කෘෂිකර්මාන්තය සහ ස්වභාවධර්මය සමග බැඳී සාම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් සහෝදර දමිළ ගොවී ජනතාව විසින් සරු අස්වැන්නක් ලබාගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව දැක්වීමයි.
ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත් තෛපොංගල් උත්සවය, සාමය, එකමුතුව, දයා වැඩිදුර >>

ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය සෑම මොහොතේම සැබෑ මිතුරෙකු ලෙස චීනය අප සමග එකට සිටියා. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

චීනය සමඟ සමග ඉතා සමීප සම්බන්ධතාවයක් ගෙන ගිය පිලිප් ගුණවර්ධන මහතාට ගරු කිරීමක් ලෙස එතුමාගේ සංවත්සර දිනයේ දී ප්‍රදේශයේ තරුණ පෙළට පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ලබා දෙනවා.-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල උපදේශක Chen Xiangyuan පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකලේ 2023.01.12 දින චීන රජයේ සහයෝග වැඩිදුර >>

″පළාත් පාලන ආයතන ඡන්ද පැවැත්වීමෙන් අනතුරුව පරිසර හිතකාමී ජනතා හිතවාදී නව පරිසර රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ″ -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.01.12 දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වර්ල්ඩ් විෂන් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සමුළුව සම්මන්ත්‍රණය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරයා -
පළාත් පාලන ආයතන ඡන්දය පැවැත් වීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන වැඩිදුර >>

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය සහාය..

CPA Asia Region කාර්යාලය ශ්‍රී ලංකාවේ විවෘත කෙරේ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය සහාය ලබා දෙන බව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) මහලේකම්,( Stephen Twiggs ) ස්ටීවන් ට්විග්ස් පවසයි.

ඔහු මේ බව පැව වැඩිදුර >>

දරුවෝ ලක්ෂ ගණනක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. උසස්පෙළ විභාගය අවුල් කරන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. ඒ අපරාධයට හවුල් වෙන්නත් එපා. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

" අලුත් ගමක්, අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් දිස්ත්‍රීක් ලේකම්වරුන් සමග 2023.01.10 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
නැව වැඩිදුර >>

ධීවර හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ඔස්ට්‍රේලියානු- ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර ....

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා 2023.01.04 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී එතුමා මේ බව සඳහන් කළේය.

එහිදී, ධීවර ක්‍ෂේත්‍රයට අදාළ සන්නිවේදන ජාල ශක්තිමත් කිරීම සඳහා ධීවර යාත්‍රාවලට ජී. පී. එස් (Global Positioning System) තාක්ෂණ පහසුකම ලබාදීමට අවශ්‍ය වැඩිදුර >>

"පරණ ආර්ථික විද්‍යා පොතේ ධීවර කියලා කෑල්ලක් නෑ. අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා". - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මුහුදෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සුරක්ෂිතව ගොඩබිමට ගෙන ඒම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන් “සිසිලන පද්ධති සහිත ප්‍රථම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායෙන් 2023.01.03 දින දියත් කළ අවස්ථාවේදීය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඓතිහාසික නවගමුව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක මල්වානෙ පඤ්ඤාසාර හිමිපාණන් බැහැ දකියි.

අග්‍රාමාත්‍යවරයා 2023.01.04 දින ඓතිහාසික නවගමුව රජමහා විහාරස්ථානයේ සහ පත්තිනි දේවාලයේ ආගමික වතාවත් වලට සහභාගී වූ අතර විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක මල්වානෙ පඤ්ඤාසාර හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී අනුශාසනා කළ නවගමුව රජමහා විහාරාධි වැඩිදුර >>

ශ්‍රී ලංකාව නිවැරදි ගමන් මගක් අනුගමනය කරයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් (ASG), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ UNDP ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂෙවරිය වන කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය ප්‍රකාශ කළාය.

කන්නි විග්නරාජ වැඩිදුර >>

සියලු දෙනා එකම රටක හවුල් කරුවන්ව ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කරමු. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා..

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය නව වසරේ කොළඹ,අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේදී දීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා..

"ජාතියේ අනාගතය සාර්ථක කිරීම සඳහා වූ ප්‍රතිඥාව ප්‍රකාශයට පත්කොට කැපවී කටයුතු කිරීමට අධිෂ්ඨාන කරන මොහොතයි මේ.

 වැඩිදුර >>

’දහම් පාසල් අධ්‍යාපනයට බාධක රැසක් තියෙනවා. දහම් පාසල් ගුරු පරමාදර්ශී සිද්ධාන්තය තුළ ඒ බාධක ඉවත්කිරීමට හැකි වේවි.’ - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ නව වසර ආරම්භයේ (2023.01.01) ආගමික වතාවත් සඳහා සහභාගි වූ අවස්ථාවේදීය.
කැලණිය රජමහා විහාරයේ දී ආගමික වතාවත් සිදුකළ අග්‍රාමාත්‍යවරයා, කැලණි රජ මහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් බැහැ දුටුවේය.

අනතුරුව, නාරාහෙන්පිට අභයාරාමා වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නව අවුරුදු සුභාශිංසනය

‘‘සකලවිධ අභියෝග රැසක් අභිමුව වඩ වඩාත් යහපත් රටක් ගොඩ නගන්නට අප කැපවී කටයුතු කරමු.

විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාවය හා ග්‍රාමීය ආර්ථික පුනර්ජිවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින්, අනෙක් සෑම අංශයක් සඳහා වූ සංවර්ධනාත්මක ව්‍යායාමයන් තුළ සක්‍රීය ව කටයුතු කරමු.

ජන ජීවිතයට බලපාන හා දේශීය  වැඩිදුර >>

නේපාල අග්‍රාමාත්‍යවරයා ලෙස යළි තේරී පත්වූ පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal)මහතා වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුභ පැතුම් එක්කරයි.

නේපාල අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් පත්වීම සම්බන්ධයෙන් පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal) මහතා වෙත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හෘදයාංගම සුභ පැතුම් එක් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුභ පැතුම් සංදේශයක් යොමු කරමින් කියා සිටියි.

දකුණු ආසියානු අසල්වැසියන් ලෙස  වැඩිදුර >>

නව ශ්‍රී ලංකා තානාපතිවරු හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්...

ආයෝජන ආකර්ශනය, අපනයන හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙන නව්‍ය රාජ්‍ය තාන්ත්‍රිකභාවයක වැදගත්කම අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවය හිමිව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප වැඩිදුර >>