වැඩ භාරගැනීමෙන් පසු නව යුද හමුදාපතිවරයා, අග්රාමාත්යතුමිය නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයයි.
හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, අග්රාමාත්යතුමිය හමුවීමේ සම්ප්රදාය ඉටුකරමින් අරලියගහ මන්දිරය වෙත පැමිණි යුද හමුදාපතිවරයා, අග්රාමාත්යතුමිය සමග සම්ප්රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදුකළේය.
මෙහිදී යුද හමුදාපති ධුරයට පත්වූ නිලන්ත ප්රේමරත්න මහතාට අග්රාමාත්යතුමිය සිය සුබපැතුම්ද පිරිනැමීය.
අග්රාමාත්ය මාධ්ය අංශය