අග්‍රාමාත්‍යවරිය සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පුජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා සමඟ වන සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
දහම් පාසල් මේ වන විට මුහුණ දෙන අභියෝග සහ ගැටලු ගනණාවක් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති නතර කිරීම, දහම් පාසල් විභාග සහ තරග පැවැත්වෙන දිනවල පාසල් විභාග සහ ක්‍රිඩා තරග නොපැවැත්වීම, දහම් පාසල් ගුරු හිඟයට පිළියම් යෙදීම, දහම් පාසල් මුහුණ දෙන උපකරණ සහ ඉගෙනුම් මෙවලම් සපයා ගැනීම, විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කිරීමේදී දහමි පාසල් ධර්මාචාර්ය සමත් දරුවන් හට විශේෂ ලකුණක් ලබා දීම, දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් හා වටිනා කමක් සහිත අධ්‍යාපනයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම ආදී අවශ්‍යතා කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කතුන් වැල්ලහේව ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය