ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය හා අනුබද්ධ ’රේන්බෝ පේජස්’ ආයතනය මගින් වාර්ෂිකව මුද්‍රණය කරනු ලබන ජාතික ව්‍යාපාරික නාමාවලියේ (National Business Directory) පළමු පිටපත ජනවාරි 30 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පිරිණැමීය.
’රේන්බෝ පේජස්’ ආයතනය විසින් පාරිභෝගික හා ව්‍යාපාරික ප්‍රජාව යා කෙරෙමින් සපයනු ලබන නව වෙබ් පිටු සැකසීමේ සේවා වැනි වෙනත් ඩිජිටල් සේවාවන් හරහා මෙරට ආධුනික ව්‍යාපාරික ප්‍රජාවට සිදු වන සේවය පිළිබඳ ව අග්‍රාමාත්‍යවරිය එහි දී ඇගයීමට ලක් කළාය.
ජාතික ව්‍යාපාරික නාමාවලියේ අන්තර්ජාල සබැඳිය වන www.rainbowpages.lk වෙබ් අඩවිය ද අගමැතිවරියගේ අවධානයට යොමු විය.
මෙම අවස්ථාවට රේන්බෝ පේජස් ආයතනයේ ප්‍රධාන නිලධාරී උපුල් මංචනායක මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය