එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කාර්යාලයේ අධ්යක්ෂ චාල්ස් කැලනන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
ප්‍රධාන සංවර්ධන ක්ෂේත්රවල UNOPS සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විය. මෙරට තීරණාත්මක සහ වැදගත් අංශ ගණනාවක් ඩිජිටල්කරණයට ලක් කිරීම, පාලනය වැඩිදියුණු කිරීම සහ පාරිසරික හා සැපයුම් අභියෝගවලට විසඳුම් සෙවීම පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා විය.
ප්‍රවේශ්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල් විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය නවීකරණය කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. සෞඛ්‍ය සේවා සැපයීම වැඩි දියුණු කිරීමට ඇති හැකියාව ඉස්මතු කරමින් මෙම මුලපිරීම සඳහා UNOPS හි සහය ලබා දෙන බවට කැලනන් මහතා සහතික විය. ශ්‍රී ලංකා රජයේ විවිධ ව්‍යාපෘති සඳහා UNOPS හි දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ආචාර්ය අමරසූරිය සිය කෘතවේදීත්වය පල කළාය.
ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද ඇතුළත් විය. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ සුභාෂිනි සිල්වා මෙනවියද මෙම හමුවට එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.